මරදාන - කොටුව අතර දුම්රිය පීලි පනී
By R.rishma
මරදාන සහ කොටුව අතර දුම්රිය පීලි පැනීමක් සිදුව ඇති බව වාර්තා වේ.
මේ අතර, දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමන්වාර ප්‍රමාදයට ලක්ව ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
දකුණු කළුතර සිට මරදාන දෙසට ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද (18) පෙරවරුවේ වාද්දුව දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්ව ඇත.
පාලක මැදිරියට අනුව, මෙම දෝෂය හේතුවෙන් උදෑසන දුම්රිය ගමන්වාර ප්‍රමාදයන් සහිතව ධාවනය වන බව සඳහන් වේ. මේ හේතුවෙන් මගීන්ට බාධා ඇතිවිය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

