සිසුවියක් ගෙල වැලලාගනී..පිරිමි මළසිරුක් පාළු ඉඩමක..11 හැවිරිදි දියණියක් වස බී මරුට.

Police Sri Lanka Jaffna student-commits-suicide
By Aruna Sep 12, 2021 06:21 AM GMT
Aruna

Aruna

Report

යාපනය, චුන්නාකම්, කන්දරෝඩ්ඩෙයි ප්‍රදේශයේ නිවසක තිබි තරුණියකගේ මළ සිරුරක් සොයාගත් බව යාපනය චුන්නාකම් පොලීසිය පවසයි.

එම තරුණිය ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට මුලික පරීක්ෂණයන්ගෙන් අනාවරණය වී තිබේ.

මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ අධ්‍යාපනය ලබමින් සිටි 23 හැවිරිදි ශිෂ්‍යාවකි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර චුන්නාකම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ.

මේ අතර, යාපනය එළුදුමට්ටුවාල් ප්‍රදේශයේ පදිංචි 11 හැවිරිදි දැරියක් වස පානය කොට ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ(11) ජිවිතක්ෂයට පත්ව ඇති බව කොඩිකාමම් පොලීසිය පවසයි.

පොලීසිය පැවසූවේ පසුගිය 09 වැනිදා අදාළ දැරිය වස පානය කිරීමෙන් අනතුරුව යාපනය චාවකච්චේරි රෝහලට ඇතුළත් කොට තිබු බවය.

පසුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇය ජීවිතක්ෂයට පත්වු බවද පොලීසිය පැවසීය.

දැරිය ප්‍රතිකාර ලබන අවස්ථාවේ සිදුකළ පී.සී.ආර් පරීක්ෂණ තුළින් දැරියට කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇති බවද මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් සඳහන් කළහ.

මියගිය දැරිය සිය මව සමඟ නිවසේ ජීවත්ව සිට ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

මේ අතර, හලාවත - කොරයාවත්ත ප්‍රදේශයේ පාළු ඉඩමක තිබී නාඳුනන අයෙකුගේ පිරිමි මළ සිරුරක් හමු වී ඇත.

හලාවත පොලීසියට ලද දුරකථන ඇමතුමක් අනුව සිදුකළ සෝදිසියකදී පොලීසිය විසින් එම මළ සිරුර සොයාගෙන තිබේ.

මළ සිරුරේ අනන්‍යතාව මෙතෙක් හඳුනාගෙන නොමැති අතර මරණය දින කීපයකට පෙර සිදුවන්නට ඇති බවට විශ්වාස කරන බව පොලීසිය පවසයි.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ සම්බන්ධයෙන් හලාවත පොලීසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now