සැලකිලිමත් වන්න - අද රාත්‍රී 11.30 දක්වා වලංගු නිවේදනයක්
ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ, ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් අද(28) ප.ව. 11.30 දක්වා වලංගු වන ලෙස නිකුත් කර ඇත.
ඒ ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්ක සඳහායි.
සැලකිලිමත් වන්න යනුවෙන් සඳහන් අඳාළ නිවේදනයේ ඌව, නැගෙනහිර පළාත් සහ මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දැක්වේ.
එසේම ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.