ආයේ මේ වැරදි කරලා අහුවුණොත් ඉවරයි - ඔක්තෝබර් මාසයේ සිට රියදුරන්ට අලුත් නීතියක්
ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා, රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ සයමස් නියමු ව්‍යාපෘතිය ඔක්තෝබර් මාසයේ සිට ආරම්භ කරන බව සඳහන් කරයි.
ඒ අනුව අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ප්‍රවාහන අමාත්‍යාංශයේ අද (28) පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.
එසේම එහිදී ඔහු සඳහන් කළේ ලබන වසරේ මාර්තු 31වැනිදා දක්වා එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමට බලාපොරොත්තු වන බවයි.
තවද මෙරට මාර්ගවල සිදුවන රිය අනතුරු අවම කිරීමේ අරමුණින් ප්‍රවාහන අමාත්‍යාංශය රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයක් '' DEMERIT SYSTEM '' හඳුන්වාදීමට තීරණය කර ඇත.
ඒ අනුව වසර දෙකක කාලයක් සඳහා රියදුරන්ට නිශ්චිත ලකුණු සීමාවක් පිරිනමා ඔවුන් මහමඟ සිදුකරන රථවාහන නීති උල්ලංඝනය කිරීම්වලට අදාළව ලකුණු අඩුකිරීමට එමඟින් අපේක්ෂිත බව සඳහන්.
එමෙන්ම රථවාහන වැරදිවලට අදාළව දඩගෙවීමට මේ වන විට හඳුන්වාදී ඇති මාර්ගගත ක්‍රමවේද තවදුරටත් පුළුල් කරමින් ඩිජිටල් ක්‍රමවේදයක් හරහා මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය සැලසුම් කර ඇති බව වාර්තා වේ.