99 වැනි ඔස්කාර් සම්මාන උළෙල නියෝජනය කරන්න ලංකාවෙන් ලලිත් රත්නායකගේ ‘රිවර්ස්ටන්’ තේරෙයි

By Kanchana Sep 28, 2026 07:06 AM GMT
Report

99 වැනි ඇකඩමි සම්මාන උළෙලේ (ඔස්කාර් සම්මාන) ‘ජාත්‍යන්තර වෘත්තාන්ත චිත්‍රපට’ කාණ්ඩය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ලලිත් රත්නායක අධ්‍යක්ෂණය කළ ‘රිවර්ස්ටන්' (Riverstone) චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා.

ජාතික චිත්‍රපට සංස්ථාවේ සභාපති සහ ශ්‍රී ලංකා ජාතික ඔස්කාර් තේරීම් කමිටුවේ සභාපති සුදත් මහදිවුල්වැව මහතා අද පැවති මාධ්‍ය හමුවකදී මේ බව නිවේදනය කළා. ඇකඩමියේ අවශ්‍යතා සහ දේශීය තේරීම් කමිටුවේ අනුමැතිය ඇතුළු කරුණු සලකා බලමින් නව ක්‍රමවේදයක් යටතේ මෙම තේරීම සිදු කළ බව මහදිවුල්වැව මහතා සඳහන් කළා.

එවැනි ක්‍රමවේදයක් යටතේ තෝරාගත් චිත්‍රපටයක් ශ්‍රී ලංකාව නියෝජනය කරන පළමු අවස්ථාව මෙය බවද ඔහු පැවසුවා. ජාතික ඔස්කාර් තේරීම් කමිටුවට අශෝක හඳගම, රවීන්ද්‍ර ගුරුගේ, අනෝමා රාජකරුණා, විසාකේස චන්ද්‍රසේකරම්, අරුණ ගුණරත්න, ලක්ෂ්මන් ජෝසෆ් ද සේරම් සහ උදිත ලක්මාල් කහඳවආරච්චි යන ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇතුළත් වුණා.

සිංහල භාෂාවෙන් නිර්මාණය වූ චිත්‍රපට පහක් සහ දෙමළ භාෂාවෙන් නිර්මාණය වූ චිත්‍රපටයක් ඇතුළුව චිත්‍රපට හයක් කමිටුව විසින් සලකා බැලුවා.

ඒවා වන්නේ

සංජීව පුෂ්පකුමාරගේ ‘විහග ප්‍රේමය’ (Peacock Lament),ඡත්‍ර වීරමන්ගේ ‘ආයු’ (Ayu),

චමින්ද ජයසූරියගේ ‘ෆාදර්’ (Father),

සුකීර්තන් ක්‍රිස්තුරාජා සහ ජෙනෝසන් රාජේශ්වර්ගේ ‘ඇන්තනි’ (Anthony)

ලලිත් රත්නායකගේ ‘රිවර්ස්ටෝන්’ (Riverstone)

සහ දිල්ශාර ජයමාන්නගේ ‘ක්‍රිකට් සාදු’ (Cricket Sadu)

යන චිත්‍රපටයි. කමිටුව සඳහන් කළේ එම චිත්‍රපට හයෙන් හතරක් ඇකඩමි සම්මාන උළෙලේ නීති රීති යටතේ සුදුසුකම් සපුරා ඇති බවයි. අනතුරුව 'රිවස්ටන්' සහ ‘ෆාදර්’ යන චිත්‍රපට අවසන් වටයට තෝරාගෙන ඇති අතර, අවසානයේදී 99 වැනි ඇකඩමි සම්මාන උළෙල සඳහා ශ්‍රී ලංකාවේ නිල ඉදිරිපත් කිරීම ලෙස 'රිවස්ටන්' චිත්‍රපටය තෝරාගෙන තිබෙනවා. 

මෙම අවස්තාව සිනමා ඉතිහාසියේ ඓතිහාසික සංදිස්ථානයක් සනිටුවහන් කරන්නට සමත් වෙලා තියනවා,


Gallery