ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදයි
ලෝක ප්‍රවෘත්ති දිනය සහ ජාත්‍යන්තර තොරතුරු දැනගැනීමේ දිනය අදට (28) යෙදී ඇත.
ඒ වෙනුවෙන් සංවිධානය කළ සැමරුම් උත්සවයක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද කොළඹදී පවත්වනු ලබයි .
මෙවර ලෝක ප්‍රවෘත්ති දිනයේ තේමාව වී ඇත්තේ “කරුණු දැනගැනීම, ඒවායේ අදාළත්වය වටහා ගැනීම සහ විශ්වාසනීය ජනමාධ්‍යයක් තෝරාගැනීම” යන්නයි.
විශ්වාසනීය මාධ්‍ය කලාව ප්‍රවර්ධනය කිරීම, මාධ්‍ය සාක්ෂරතාව වර්ධනය කිරීම සහ මාධ්‍යවේදීන් දිරිගැන්වීම ලෝක ප්‍රවෘත්ති දිනයේ මූලික අරමුණු ලෙස සලකනු ලබයි .
ලෝක ප්‍රවෘත්ති දිනය ප්‍රකාශයට පත් කර ඇත්තේ සත්‍ය කරුණු මත පදනම් වූ මාධ්‍යවේදයේ වැදගත්කම මෙන්ම වගකීම් සහගත හා විශ්වාසනීය ජනමාධ්‍ය කලාවක අවශ්‍යතාව පිළිබඳව ලෝක ජනතාව දැනුවත් කිරීමේ අරමුණින් 2018 වසරේදී කැනේඩියානු ජනමාධ්‍ය පදනම (CJF) සහ ලෝක කර්තෘවරුන්ගේ සංසදය (WEF) එක්වීමෙනි.