පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා සිසුන් සඳහා - දෙමව්පියන් මේ රැකියාවේ නිරත වෙනවානම් ජනාධිපති අරමුදලෙන් ශිෂ්‍යත්ව

Report

ඊයේ (27) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවිකරුවන්ගේ දරුවන් වෙනුවෙන් ජනාධිපති අරමුදලෙන් පිරිනැමෙන අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ, මධ්‍යම පළාත් වැඩසටහන සිදුවිය.

ඒ අනුව ලොතරැයිපත් අලෙවිකරුවන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස මෙම වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙන අතර දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් අධ්‍යාපනය ලබන දරුවන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව වැඩසටහන ක්‍රියාත්මක වූයේ ලොතරැයිපත් අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්ය.

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

මීට අමතරව මහයියාව පූර්ණවත්ත (බටහිර) ග්‍රාම නිලධාරී වසමේ සිසු දරු දැරියන් වෙනුවෙන් අධ්‍යාපන ආධාර පිරිනැමීමද මෙහිදී සිදු වූ අතර මෙහිදී ශිෂ්‍යත්ව සහ අධ්‍යාපන ආධාර ලැබූ මුළු සිසුන් සංඛ්‍යාව 106ක්ය.

මෙම අවස්ථාව ජාතිය ගොඩනැගීමේ අරගලයට ලොතරුයිපත් අලෙවිකරුවන් ලබා දෙන පූර්ණ දායකත්වයට ප්‍රණාමය පුද කිරීමක් බවත් 2025 වසරේ සිට ජනාධිපති අරමුදල මේ රටේ ජනතාව වෙනුවෙන්ම වෙන් වු අරමුදලක් ලෙස විශාල මෙහෙවරක නිරත වන බවත් 2026 වර්ෂයේ මේ දක්වා රුපියල් මිලියන 6,115ක් ජනාධිපති අරමුදලෙන් මේ වැඩසටහන් සඳහා වියදම් කර තිබෙන බවත් මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පැවසුවේය.

වැසි හේතුවෙන් පාසල් වැසෙයි - දරුවන්ගේ අධ්‍යාපනය අඩාලයි - දෙමව්පියන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක

වැසි හේතුවෙන් පාසල් වැසෙයි - දරුවන්ගේ අධ්‍යාපනය අඩාලයි - දෙමව්පියන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක

රෝගාබාධ සඳහා රුපියල් මිලියන 856ක්, ස්වයං රැකියා සහ අසරණ පවුල් සඳහා, ආගමික ආයතන 41කට, සංස්කෘතික පෙරහැරවල් පැවැත්වීමට පවා මුදල් ලබාදී තිබෙනවා. පසුගිය වසරේ ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් පීඩාවට පත් පාසල් දරුවන් 2,06,001 දෙනෙකුට දරුවෙකුට රුපියල් 10,000 බැගින් රුපියල් මිලියන 2,060ක් ලබා දුන්නා.

2026 වර්ෂයේ මහපොළ ශිෂ්‍යත්ව සඳහා පමණක් රුපියල් මිලියන 2,666ක් ලබාදී ඇත. 2023/2024 අ.පො.ස උසස් පෙළ විභාගයෙන් 01 වෙනි ස්ථානයේ සිට 10 වෙනි ස්ථානය දක්වා විශිෂ්ට ප්‍රතිඵල ලබා ගත් සිසුන්ට දුන් ශිෂත්වය මෙම 2025 වසරේදී 01 වෙනි ස්ථානයේ සිට 20 වෙනි ස්ථානය දක්වා දෙගුණයකින් ඉහළ නංවා ඇත.

මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි

මේ රාජ්‍ය අංශය නිලධාරීන්ට විද්‍යුත් මෝටර් - විද්‍යුත් යතුරු පැදි සඳහා අයදුම්පත් කැඳවයි

ඔහු වැඩිදුරටත් පැවසුවේ,

"ඔබ හිතන්න, මේ මහා ධනස්කන්ධය ලබා දෙන්නේ කොහෙන්ද කියලා? මේ මුදල් ලබා දෙන්නේ ලොතරැයි විකුණන, මෙම වෘත්තියේ යෙදී සිටින 20,000ක් වන ඔබ. ගණන් හදා බලද්දී ඔබතුමන්ලා වසරකට රුපියල් මිලියන 30,000කට වැඩි ප්‍රමාණයක් රාජ්‍යයට, රටේ සංවර්ධනයට ලබා දෙනවා. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් රජයේ ඒකාබද්ධ අරමුදලට වාර්ෂිකව රුපියල් මිලියන 6,000ක්, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට මිලියන 1,500ක්, රණවිරු අරමුදල, වකුගඩු අරමුදල, සෞඛ්‍ය සංවර්ධන, සමාජ සේවා සහ ගොවි අරමුදල් සඳහා තවත් මිලියන 600ක් ලබා දෙනවා. මේ සියලු මුදල් දෙන්නේ ලොතරැයි අලෙවි කරන 20,000ක් වන ඔබයි. ඔබ සාමාන්‍ය පිරිසක් නෙවෙයි. රණවිරුවන්, සුවවිරුවන්, රටවිරුවන් වගේම ඔබත් ජාතියේ ලොකු මෙහෙවරක් කරන නිහඬ වීරයන් කොටසක්. මම ඒ ගැන කෘතඥ වෙනවා. ජාතිය ගොඩනැගීමේ අරගලයට ඔබ ලබාදෙන පූර්ණ දායකත්වයට මගේ ප්‍රණාමය පුද කරනවා." ලෙසයි.

මෙහිදී අදහස් දක්වමින් සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා පැවසුවේ,

"ඔබ අධ්‍යාපනයේ දැනුම සොයා යා යුතුයි. අද දවස වන විට දැනුම කියලා කියන්නේ ඉතාමත්ම අභියෝගාත්මක දෙයක්. දැනුම තියෙන්නේ අපි ඉගෙනගන්න පොත්වලට එහා. ඒක නිසා අපිට අවශ්‍යයි ඔබ අන්න එහෙම දැනුම සොයාගෙන යන පිරිසක් බවට පත් කිරීමට.ඒ දැනුම් පද්ධතිය වගේම ඔබ ලබාගන්නා කුසලතාවයන් සමඟ ඔබ විනයත් ඇති කරගත යුතුයි. විනයෙන් තොර වූ කුසලතාවෙන් රටට ඇති වැඩක් නැහැ. ඔබ මේ ගමන් කරමින් ඉන්නේ ලෝකයේ දියුණුම රාජ්‍යයක් වෙත ගමන් කරන ගමනක සිටින ශිෂ්‍යයෙකු වශයෙන්. ඒක නිසා ඔබට ඒ දියුණුම රාජ්‍යය බවට ලංකාව පත් කිරීමේ වගකීමේ සෑහෙන කොටසක් පැවරී තිබෙනවා. සංවර්ධන ලොතරැයි මණ්ඩලය, ඒ වගේම ජාතික ලොතරැයි මණ්ඩලය මේ කරන්නේ ආයෝජනයක්. ඒ වගේම ජනාධිපති අරමුදල මේ කරන්නේ ආයෝජනයක්. ඒ ආයෝජනය අපි රටේ කම්හල් හදනවාට වඩා, මේ රටේ පාරවල් හදනවාට වඩා, එහෙම නැත්නම් මේ රටේ අනෙකුත් සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා කරන ඉතාමත්ම විශාලම ආයෝජනය බව කිවයුතුයි. ඒක නිසා ඒ ආයෝජනයේ ප්‍රතිලාභ අපි ලබාගනිමු. ඒ වගේම ඒ ප්‍රතිලාභ අපි පෙරළා අපේ රටට ලබා දෙමු" ලෙසයි.