කතෝලික පූජකවරුන්ගේ ළමා අපයෝජන අවසන් කරන්න පාප් වහන්සේගෙන් තද තීරණයක් - ප්‍රංශයේදී විපතට පත්වූවන් හමුවෙයි
කතෝලික පූජකවරුන් අතින් ළමුන්ට සිදුවන අපයෝජන අවසන් කිරීමට තමන් තුළ ඇති කැපවීම යළි තහවුරු කළ බව පාප් වහන්සේ ප්‍රකාශ කර තිබෙනවා.
ප්‍රංශයේ සිදු කරන දින හතරක සංචාරය අතරතුර, අපයෝජනයට ලක්වූ පුද්ගලයින් හත් දෙනෙකු සමඟ පැය දෙකක පමණ හමුවකට එක්වීමෙන් අනතුරුව පාප් වහන්සේ මේ බව අවධාරණය කළ බව වතිකානුව සඳහන් කළා.
එහිදී පාප් වහන්සේ එක් එක් පුද්ගලයා සමඟ පෞද්ගලිකව සාකච්ඡා කර ඇති අතර, කතෝලික සභාවේ ආරක්ෂණ ක්‍රමවේද වැඩිදියුණු කිරීම සඳහා ඔවුන් ඉදිරිපත් කළ යෝජනා සම්බන්ධයෙන්ද අදහස් විමසා තිබෙනවා.
ඔවුන් අත්විඳි වේදනාකාරී අත්දැකීම් පිළිබඳව අදහස් බෙදාගැනීම සම්බන්ධයෙන් පාප් වහන්සේ ස්තූතිය පළ කර ඇති අතර, ඔවුන්ට සිදුවූ හානිය යළි වෙනත් කිසිවෙකුට සිදු නොවන බවට සහතික කිරීම සඳහා තම කැපවීමද යළි තහවුරු කර තිබෙනවා. හමුවට එක්වූ පිරිස සඳහන් කර ඇත්තේ එය සංවේදී සහ හැඟීම්බර හමුවක් වූ බවයි.
සැප්තැම්බර් 29 සිට කොළඹ බස් මංතීරු නීතිය තදින්ම ක්‍රියාත්මකයි- රෙගුලාසි කඩ කළොත් පොලිසියෙන් දැඩි නීතිමය පියවර
පාප් වහන්සේ තම අත්දැකීම්වලට සාවධානව සවන් දුන් බවත්, ඔවුන්ගේ සිද්ධීන් පිළිබඳව උන්වහන්සේ සතුව තිබූ අවබෝධය සහ දැක්වූ දයාව තමන්ගේ අවධානයට ලක්වූ බවත් ඔවුන් පවසා තිබෙනවා. කෙසේ වෙතත්, පාප් වහන්සේ ප්‍රකාශ කළ කරුණු ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පත්වනු ඇතැයි අපේක්ෂා කරන බවද ඔවුන් සඳහන් කර තිබෙනවා.
මේ අතර, ඉරිදා ලූර්දුස් නගරයේ පැවති දේව මෙහෙයකදී පාප් වහන්සේ කතෝලික සභාව සිය අතීතයට මුහුණදීමේ අවශ්‍යතාව අවධාරණය කළා. සභාව තුළ සිදුවූ බරපතළ වැරදි සහ විශ්වාසය බිඳවැටීමට හේතුවූ සිදුවීම් සම්බන්ධයෙන් නිහතමානීව පිළිගෙන, ඒවායින් ඇතිවූ තුවාල සුව කිරීමට කටයුතු කළ යුතු බවද උන්වහන්සේ පැවසුවා.
වතිකානුව සඳහන් කළේ, ප්‍රංශ රදගුරුවරුන් සමඟ පැවති සංවෘත සාකච්ඡාවකදීද පාප් වහන්සේ ළමා අපයෝජන සිද්ධීන් සම්බන්ධයෙන් අදහස් දක්වා ඇති බවයි.
එම සිද්ධීන්ට මුහුණදීම සඳහා රදගුරුවරුන් ගෙන ඇති පියවර අගය කළ පාප් වහන්සේ, ආරක්ෂණ ක්‍රමවේද තවදුරටත් ශක්තිමත් කරන ලෙසත්, ඒ සම්බන්ධයෙන් ඉහළ අවධානයක් පවත්වාගෙන යන ලෙසත් ඉල්ලා තිබෙනවා.
2021 වසරේදී නිකුත් කළ වාර්තාවකට අනුව, දශක හතක පමණ කාලයක් තුළ ප්‍රංශයේ ළමුන් 330,000කට ආසන්න පිරිසක් කතෝලික පූජකවරුන් සහ සභාවේ ගිහි නායකයින් අතින් අපයෝජනයට ලක්ව ඇති බව අනාවරණය වී තිබුණා.
මේ අතර, පාප් වහන්සේගේ ප්‍රංශ සංචාරයේදී ලූර්දුස් නගරයටද විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. වසරකට වන්දනාකරුවන් මිලියන 3කට පමණ ආකර්ෂණය වන මෙම නගරය කතෝලික ආගමිකයන්ගේ ප්‍රධාන වන්දනා ස්ථානයක් ලෙස සැලකෙනවා. ලූ
ර්දුස් හිදී රෝගී වන්දනාකරුවන්ට සහාය වන ස්වේච්ඡා සේවකයින් හමුවූ පාප් වහන්සේ, සෞඛ්‍ය සේවයේ මූලික අරමුණ රෝගී පුද්ගලයා රැකබලා ගැනීම බව අවධාරණය කළා. ප්‍රංශය විසින් මාරාන්තික රෝගවලින් පෙළෙන පුද්ගලයින්ට වෛද්‍ය සහාය සහිත මරණයට අවස්ථාව ලබාදීමේ නීතිමය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යමින් සිටින පසුබිමක, එවැනි ක්‍රියාමාර්ගවලට කතෝලික සභාවේ විරෝධයද පාප් වහන්සේ යළි ප්‍රකාශ කර තිබෙනවා.