වැසි හේතුවෙන් පාසල් වැසෙයි - දරුවන්ගේ අධ්‍යාපනය අඩාලයි - දෙමව්පියන් පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක

Report

අද (28) දිට්වා සුළි කුණාටුව හේතුවෙන් නාවලපිටිය ශ්‍රී කවීෂ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ආරක්ෂිත බැම්ම නායයෑමෙන් අනුරුද්ධ කුමාර ජාතික පාසලේ ප්‍රාථමික අංශයේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව පවසමින් දෙමාපියන් පිරිසක් විද්‍යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වී ඇත.

විරෝධතාවයේ නිරත දෙමාපියෝ චෝදනා කරන්නේ දේශපාලන අධිකාරිය සහ අධ්‍යාපන බලධාරීන් මෙම ගැටලුව සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකරන බවටයි.

විවාහ මංගල හා සාද සඳහා DJ දානවද? ඕනේ කිව්වා සංගීත බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

විවාහ මංගල හා සාද සඳහා DJ දානවද? ඕනේ කිව්වා සංගීත බලපත්‍රය තාවකාලිකව අත්හිටුවයි

වැසි සහිත දිනවලදී පාසල වසා දැමීමට සිදුවීම නිසා තම දරුවන් නිවෙස්වල තබා ගැනීමට සිදුවී ඇති අතර, එමගින් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු දැඩි ලෙස අඩාල වන බවද ඔවුන් පවසයි.

මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි තුෂාරි ජයසිංහ දිට්වා සුළි කුණාටුවෙන් මසකට පමණ පසු අදාළ ස්ථානය නිරීක්ෂණය කර ඉතා ඉක්මනින් එය ප්‍රතිසංස්කරණය කර දෙන බවට පොරොන්දු වූවද, මෙතෙක් එම පොරොන්දුව ඉටු වී නොමැති බවද දෙමාපියන් පවසයි.

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

බදු අය නොකිරීමට තීරණයක් පියවර - අය කළ යුතු දේපල බද්ද පස්සට දැමීමට ජනපතිගෙන් ප්‍රකාශයක්

මීට දින කිහිපයකට පෙර ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන්ද දින පහක කාලයක් වසා දමා තිබූ මෙම පාසල අද (28) දිනයේ නැවත අධ්‍යයන කටයුතු සඳහා විවෘත කර ඇති බවද මාධ්‍ය වාර්තා කරයි.

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව

අද සිට ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - පළාත් සභා තීරණයයෙන් ඇතිවන ජනතා අපහසුවට කණගාටුව