“ක්‍රිකට් දෙවියන් ලෙස හැඳින්වෙන සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තා අභියසටම විරාත් කෝලි එයි'' - ක්‍රිකට් ඉතිහාසයේ තවත් පිටුවක් පෙරළෙයිද?

Report

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි පළමු එක්දින තරගයේදී විරාත් කෝලි සුපිරි ඉනිමක් ක්‍රීඩා කරමින් සචින් ටෙන්ඩුල්කාර් සතු වාර්තා දෙකක් අභිබවා ගොස් තිබේ.

තිරුවනන්තපුරම්හි පැවති තරගයේදී කෝලි නොදැවී ලකුණු 139ක් රැස් කළ අතර, එය පන්දු 88කින් වාර්තා විය. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහර 9ක් ඇතුළත් විය.

මෙම ඉනිමත් සමඟ කෝලි සිය එක්දින ජාත්‍යන්තර දිවියේ 55වැනි ශතකය වාර්තා කළ අතර, සචින් ටෙන්ඩුල්කාර්ගේ වාර්තාවක්ද අභිබවා ගියේය. ඒ අනුව එක්දින ජාත්‍යන්තර තරගවලදී ලකුණු 15,000ක් වේගයෙන්ම සම්පූර්ණ කළ පිතිකරුවා බවට කෝලි පත්ව තිබේ.

මෙම සීමාව පසුකර යාමට ඔහුට අවශ්‍යව තිබුණේ තවත් ලකුණු 59ක් පමණි. එමෙන්ම ඉන්දියාවේදී පැවති එක්දින තරගවලදී වැඩිම ලකුණු රැස් කළ පිතිකරුවා ලෙසද කෝලි සචින් අභිබවා ගොස් තිබේ.

සචින් ඉන්දියාවේදී එක්දින තරග 164කදී ලකුණු 6,976ක් රැස් කර තිබූ අතර, එම වාර්තාව පසුකර යාමට කෝලිට අවශ්‍යව තිබුණේ ලකුණු 110ක් පමණි.

“අම්මාගේ නම කමිසයේ ගසාගෙන පිටියට ආ මිලර්ගෙන් සුපිරි ශතකයක්” - පියයුරු පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සංවේදී තරගයක්

“අම්මාගේ නම කමිසයේ ගසාගෙන පිටියට ආ මිලර්ගෙන් සුපිරි ශතකයක්” - පියයුරු පිළිකා රෝගය පිළිබඳ දැනුවත් කිරීමේ සංවේදී තරගයක්

තවත් වාර්තා දෙකක් අභියස

මෙම ඉනිමත් සමඟ කෝලි තවත් ප්‍රධාන වාර්තා දෙකකට ආසන්න වී තිබේ.

කෝලි මේ වනවිට List A තරගවල ශතක 59ක් ලබාගෙන සචින් ටෙන්ඩුල්කාර් සමඟ සම තත්ත්වයේ පසුවෙයි. එමෙන්ම සිය මව්බිමේදී රැස් කළ ජාත්‍යන්තර ශතක සංඛ්‍යාව සම්බන්ධයෙන්ද කෝලි සචින් සමඟ සම වීමට ආසන්නව සිටී.

සචින් අභිබවා යාම සඳහා ඔහුට තවත් එක් ශතකයක් පමණක් අවශ්‍යව තිබේ. මෙම තරගයට පෙර කෝලි එක්දින තරගවලදී ලකුණු 14,941ක්, සාමාන්‍යය 58.59ක්, ශතක 54ක් සහ අර්ධ ශතක 79ක් සමඟින් පසුවිය. ඔහුගේ ඉහළම එක්දින ලකුණු සංඛ්‍යාව 183කි.

සර්වකාලීන එක්දින ලකුණු ලාභීන්ගේ ලැයිස්තුවේ දෙවැනි ස්ථානයේ සිටින කෝලි, මේ වනවිට සචින්ට පසු තවත් ඉදිරියට පැමිණ තිබේ. සචින් සිය එක්දින ජාත්‍යන්තර දිවිය අවසන් කර තිබුණේ ලකුණු 18,426ක් සමඟිනි.

කොදෙව්වන්ට එරෙහිව ඉන්දියාවට පහසු ජයක්

ලකුණු 296ක ඉලක්කයක් හඹා ගිය ඉන්දියාව කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 300ක් රැස් කරමින් තරගය ජය ගත්තේය.

නායක ශුබ්මන් ගිල්ද ලකුණු 110ක් රැස් කරමින් ශතකයක් වාර්තා කළ අතර, කෝලි නොදැවී ලකුණු 139ක් ලබාගත්තේය. ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට ඉන්දියාව සමත්විය.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් ඉනිම වෙනුවෙන් ජස්ටින් ග්‍රීව්ස් ලකුණු 101ක් රැස් කළ අතර, ජෝන් කැම්බල් ලකුණු 62ක් සහ අමීර් ජැන්ගූ නොදැවී ලකුණු 58ක් ලබා ගැනීමත් සමඟ කොදෙව්වන් කඩුලු 7කට ලකුණු 295ක් රැස් කර තිබුණි.

ශ්‍රී ලංකාවට තවත් තරගාවලි පරාජයක් - එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී [HILIGHT

ශ්‍රී ලංකාවට තවත් තරගාවලි පරාජයක් - එංගලන්තය එක්දින තරගාවලිය ජයගනී [HILIGHT