රාජ්‍ය ආයතනයක කාර්ය මණ්ඩලය සහ කම්කරුවන් යුක්තිය ඉල්ලා පාරට බහී..
Sri Lanka
Strike Sri Lanka
By krishani
කැලිකසල ඉවත් කිරීමේ කටයුතුවල නිරතව සිටි වැලිගම ප්‍රාදේශීය සභාවේ කම්කරුවන් දෙදෙනෙකුට පහරදිමට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනා වහා අත්අඩංගුවට ගන්නා ලෙස බල කරමින් වැලිගම ප්‍රාදේශීය සභාවේ කාර්ය මණ්ඩලය සහ සනීපාරක්ෂක කම්කරුවන් එක් වී එම කාර්යාල පරිශ්‍රය ඉදිරිපිට දී අද (09) පෙරවරුවේ විරෝධතාවක නිරත වී තිබේ.
වැලිගම ප්‍රාදේශීය සභාව මගින් බල ප්‍රදේශයේ කැළි කසළ ඉවත් කිරීමේ ටැක්ටරයේ සේවය කළ සනිපාරක්ෂක කම්කරුවන් දෙදෙනෙකුට වැලිගම පොල්වතු මෝදර පාලම අසල දී කිසියම් පුද්ගලයන් දෙදෙනකු විසින් පහර දී තිබුණු අතර පහරකෑමට ලක් වූ පුද්ගලයන් දෙදෙනා වැලිගම ප්‍රාදේශීය සභාවේ රථයකින් මාතර මහ රෝහලට ඇතුළත් කළ බවට වාර්තා වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
