"රනිල්ව අල්ලනවනම් මහ බැංකුවෙන් හරි බටලන්ද චෝදනාවට හරි අල්ලන්න තිබ්බනේ කොහෙවත් යන එකක් අල්ලන් නැතුව" තලතා අතුකෝරාල

Report

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉලක්ක කර ගනිමින් වත්මන් ආණ්ඩුව සිදු කරන්නේ දේශපාලන පළිගැනීමක් බව එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, නීතිඥ තලතා අතුකෝරාල පවසනවා.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

විධායක ජනාධිපති ක්‍රමය තුළ ව්‍යවස්ථාවෙන්ම බලයක් ලබා දී ඇති බවත්, ජනාධිපතිවරයකු යනු ‘උදේට ජනාධිපති - රෑට නිකම්’ පුද්ගලයකු නොවන බවයි ඊයේ (25) දෙරණ 360 වැඩසටහනට එක් වෙමින් ඇය සඳහන් කළේ.

මෙය කලබලයෙන් සිදු කිරීමට තිබුණේදැයි ගැටලු සහගත බවද, මහ බැංකුවෙන් හෝ බටලන්ද චෝදනාවලින් පටන් ගැනීමට තිබුණු බවද, නමුත් අවසානයේ ‘කොහේවත් යන චෝදනාවකින්’ පටන් ගත් බවද ඇය ප්‍රකාශ කළා.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

මේ සියල්ල නිර්මාණය කරන ලද ඒවා බවත්, මෙම නිර්මාණය පවතින්නේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා යටතේ බවත්, මේවා සිදු කරන්නේ පළිගැනීමේ චේතනාවෙන් බවත්, මෙය කුහකකම, වෛරය, උද්දච්චකම, හීනමානය නිසා ඇති කරන ලද නඩුවක් බවයි නීතිඥ තලතා අතුකෝරාල වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.

මෙන්න රජයෙන් ඇපකරු නැතුවම ණය දෙනවලු දැනටමත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක්

මෙන්න රජයෙන් ඇපකරු නැතුවම ණය දෙනවලු දැනටමත් අයදුම්පත් විශාල සංඛ්‍යාවක්