රනිල්ගේ අද නඩුවට රනිල් වෙනුවෙන් නීතිඥයන් තුන්සීයක් සුදානම්

Report

දැනට රිමාන්ඩ් භාරයේ සිටින හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (26 වැනිදා) පස්වරු 1.00 ට කැඳවීමට සුදානම්ව ඇත.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

මහජන සාමය පවත්වාගෙන යෑම සඳහා අද (26 වැනිදා) දිනයේදී විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන්ට පොලිස්පතිවරයා විසින් උපදෙස් දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි උදය කුමාර වුට්ලර් මහතා පවසයි.

මෙම නඩුවේ පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර, සැකකාර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙනුවෙන් 300 කින් පමණ සමන්විත නීතිඥ මණ්ඩලයක් පෙනී සිටීමට නියමිත බව වාර්තා වේ.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

විපක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණ පරිශ්‍රයට පැමිණෙන ලෙස දැනුම් දෙනු ලැබ ඇත. විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්ගේ සහභාගිත්වයෙන් විපක්ෂ නායක කාර්යාලයේදී ඊයේ පැවැති සාකච්ඡාවකින් මේ තීරණය ගත් බව මාධ්‍ය වාර්තා කරයි.

එමෙන්ම විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂවල සියලුම නීතිඥ කණ්ඩායම්වලට ද නඩුව සඳහා සහභාගි වන ලෙස දැනුම් දී ඇති අතර බස්නාහිර පළාත නියෝජනය කරන විපක්ෂයේ ආසන සංවිධායකවරුන්ද හැකිනම් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට අද දින පැමිණෙන ලෙස දැනුම් දී තිබුන අතර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය සහ ඒ අවට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් පොලිසිය විසින් අද ක්‍රියාත්මක කර ඇත.  

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි

කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැඩි ආරක්ෂාවක් - කොළඹ නගරයේ මාර්ග වසා දමයි