පළමු කාන්තා රෙජිස්ටාර් ජෙනරාල් වැඩ අරඹයි

Colombo Government Of Sri Lanka Latest Headlines Sinhala news Colombo politics heat up
By Shehan Aug 26, 2025 08:41 AM GMT
Shehan

Shehan

Report

නව රෙජිස්ටාර් ජෙනරාල් ධුරයට පළමුවරට කාන්තාවක් පත්කර තිබෙනවා.

නව රෙජිස්ටාර් ජෙනරාල් ලෙස පත්කෙරුණු සසිදේවි ජලදීපන් මහත්මිය අද (26) නව ධුරයේ රාජකාරි ආරම්භ කළා. වසර 160කට වැඩි ඉතිහාසයක් ඇති රෙජිස්ටාර් ජෙනරාල් දෙපාර්තමේන්තුවේ පළමු කාන්තා රෙජිස්ටාර් ජෙනරාල්වරිය ලෙස ඉතිහාසයට එක්වෙමිනුයි ඇය අද (26) දිනයේ නව ධුරයේ රාජකාරි ආරම්භ කළේ.

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

එක්සත් ජාතික පක්ෂයෙන් සාමය ආරක්ෂා කරන ලෙස ඉල්ලීමක්

2003 වසරේ රාජ්‍ය පරිපාලන සේවයට එක්වූ ජලදීපන් මහත්මිය ත්‍රිකුණාමලය සහ දිඹුලාගල ප්‍රාදේශීය ලේකම් ධුරවල කටයුතු කර තිබෙනවා. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය, ආර්ථික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍යංශය සහ මුදල් හා ප්‍රාග්ධන වෙළදපොල සහ ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යංශය යන අමාත්‍යංශවල ඒ මහත්මිය ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ධුර දරා තිබෙනවා.

ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයේ කටයුතු කළ ඒ මහත්මිය අවසාන වරට ක්‍රියා කළේ රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ අතිරේක ලේකම් ධුරයේයි.

බස්නාහිර සහ දකුණු පළාත්වල අද සිට නීතිය තදින්

බස්නාහිර සහ දකුණු පළාත්වල අද සිට නීතිය තදින්

අල, ලූනුවලට යන කලදසාව ගැන තීරණේ අද

අල, ලූනුවලට යන කලදසාව ගැන තීරණේ අද