රාජ්‍ය සේවකයින් ගත් ක්‍රියාමාර්ගය.

Sri Lanka Strike Sri Lanka
By krishani මාස 1 කට පෙර
krishani

krishani

Report

අද (08) නව බදු ප්‍රතිපත්තියට එරෙහි වෘත්තීය සමිති කිහිපයක් වැඩ වර්ජනයක නිරත වීමට නියමිතයි.

අද පෙරවරු 8.00 සිට රජයේ රෝහල්වල වෛද්‍යවරු පැය විසි 24ක සංකේත වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

කොළඹ හයිඩ් පිටියේ දී දැවැන්ත විරෝධතා රැලියක් ද අද සංවිධානය කර ඇති අතර නව බදු සංශෝධනයට එරහිව බැංකු සේවකයින් ද අද දහවල් 12.30 සිට සේවයෙන් ඉවත් වීමේ සූදානමක් ඇති බව ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රංන්ජන් සේනානායක මහතා පැවසීය.

වරාය සේවකයින් ද අද දිනයේ අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා වරාය නිදහස් සේවක සංගමයේ සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා පැවසූ අතර රජයේ විධායක නිලධාරීන් ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයක අද නිරත වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join