සුපිරි නළු හේමාල් රණසිංහට ලෝක නඩුවක් - සමථ මණ්ඩලේ මඟින් නූලෙන් බේරෙයි
ජනප්‍රිය නළු හේමාල් රණසිංහ විසින් සිනමා විචාරකයෙකුට පහරදෙනු ලැබූ බව පැවසෙන සිද්ධියට අදාලව කැඳවන ලද සමථ මණ්ඩල එකඟතාවයට අනුව හේමාල් රණසිංහ මුදා හැරීමට ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද (10) නියෝග කර ඇත.
සමථ මණ්ඩල එකගතාව අනුව රුපියල් ලක්ෂ 5ක මුදලක් අද(10) අගතියට පත් පාර්ශවට ලබා දෙන හේමාල් රණසිංහ විසින් ලබා දෙනු ලැබුවේය. අගතියට පත් පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ ඇතුලු නීතිඥ මඩුල්ල අධිකරණයට පවසා සිටියේ එම රුපියල් ලක්ෂ පහක වන්දි මුදල අගතියට පත් පාර්ශවයේ කැමැත්තට අනුව මහරගම අපේක්ෂා රෝහලට පරිත්‍යාග කරන බවයි.
ලංකාවට එන දුරකථන , Routers හා තාක්ෂණික උපාංග වෙනුවෙන් අලුත්ම පද්ධතියක් - විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්
තවද මෙම සිද්ධියට අදාළව ඉකුත් නඩු දිනයේදී විවෘත අධිකරණය තුළ හේමල් රණසිංහ සහ අගතියට පත් පාර්ශවය සිංහල චාරිත්‍රානුකූලව අතට අත දී තිබේ. අධිකරණයට ඉදිරිපත් කරන ලද සමථ මණ්ඩල වාර්තාවෙහි කොන්දේසි හතරක් සඳහන්ව තිබිණ අතර එය අධිකරණයේදී කියවා දෙනු ලැබුවේය.
එම වාර්තාවේ සඳහන් පරිදි හේමාල් රණසිංහ විසින් පහර දෙනු ලැබූ බවට වරද පිළිගෙන පහර කෑමට ලක්වූ සිනමා විචාරක ලක්මිණ රණසිංහ යන අයගෙන් සමාව ගැනීම පළමුවෙනි කොන්දේසිය වු අතර දෙවන කොන්දේසිය වූයේ අගතියට පත් ලක්මිණ රණසිංහ යන අය හේමාල් රණසිංහට සමාව දීම ය.
එම වර්තාවේ සඳහන් පරිදි තුන් වන කොන්දේසිය පහර කෑමට ලක්වූ සිනමා විචාරකයාට මාධ්‍යවලින් හෝ සමාජ මාධ්‍යවලින් හෝ කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොකිරීමට එකඟ වීම ය.හතර වන කොන්දේසිය වූයේ තමන් කළ වරදට හේමාල් රණසිංහ රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් අගතියට පත් ලක්මිණ රණසිංහට ලබාදීමට එකඟ වීමය.
එහෙත්, සමථ මණ්ඩල වාර්තාවෙහි සඳහන් තෙවන කොන්දේසිය පරිදි අගතියට පත් පාර්ශ්වයට කිසිදු ආකාරයක නින්දා අපහාසයක් සිදු නොවීමට එකඟ වුව ද, සමාජ මාධ්‍ය ඔස්සේ තවමත් අගතියට පත් පාර්ශවයට නින්දා අපහාස සිදුකරමින් පවතින බවට සිනමා විචාරක ලක්මිණ රණසිංහ වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ අජිත් පතිරණ ඇතුළු නීතිඥ මඩුල්ල අධිකරණයට දන්වා ඇත.