රාජ්‍ය සේවකයින් පිරිසක් වෘත්තීය ක්‍රියාමාර්ගයකට..

Sri Lanka Strike Sri Lanka
By krishani Sep 13, 2022 03:19 AM GMT
krishani

krishani

Report

අතුරු අයවැය මගින් යෝජනා කෙරුණු සුභසාධන ප්‍රතිලාභ පනත ක්‍රියාත්මක කිරීමේ දී මතුව ඇති ගැටලු කඩිනමින් විසදීමට බලධාරීන් කටයුතු නොකළහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට සිදු වන බව සමස්ත ලංකා සමෘද්ධි හා කෘෂි නිලධාරී සංගමය පවසයි.

සමෘද්ධි ඇතුළු සහනාධාර ලබාදීම ඉදිරියේ දී සුබසාධන ප්‍රතිලාභ මණ්ඩලය මඟින් සිදු කෙරුණ අතර එම ක්‍රියාවලිය පිළිබඳ නිසි දැනුවත් කිරීමක් මෙතෙක් සිදුකර නොමැති බව කොළඹ ඊයේ (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සංගමයේ සභාපති කිත්සිරි ගමගේ මහතා පවසා සිටියේ.