රනිල් හමුවීමට යෑමේ සාවද්‍ය පුවත ගැන අගමැති හරිනි අදහස් දක්වයි

Report

මාධ්‍ය සාකච්ඡාවක එක්වූ අගමැති හරිනි අමරසූරිය මෙනවිය තමන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බැලීම සඳහා රෝහලට ගිය බවට පළවෙන තොරතුරු සාවද්‍ය බවත් එසේ ගිය බවට තොරතුරු ඇත්තම් එය ඔප්පු කර පෙන්වන ලෙසත් පැවසුවේය.

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

අධිකරණ භුමියේ උණුසුම ඉහලට පොලීසියටත් ප්‍රහාර

ඇය පවසන ආකාරයට,

''සාවද්‍ය ප්‍රවෘත්ති ප්‍රකාශ කරන අයට මම හිතන්නේ ඉදිරියට අපිට නීති ක්‍රියා මාර්ග ගන්න වෙනවා. මේ විදියට බොරු බොරු ප්‍රවෘත්ති නිර්මාණය කරන්න. මම කියන්නේ මෙච්චරයි. මම ගියා නම් මොකක් හරි ඒ ප්‍රවෘත්ති පාදක වෙන මොනවා හරි සාක්ෂියක් තියෙන්න එපැයි. සාක්ෂි ඉදිරිපත් කරන්න. හරි.

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

ආන්දෝලනාත්මක බටලන්ද කොමිෂන් සභා වාර්තාව නීතිපතිට යොමු කරයි

එහෙම නිකන් ප්‍රවෘත්ති අහසින් නිර්මාණය කරන්න බැහැනේ. ගියා නම් කොහෙන්ද ඒ තොරතුරු ආවේ? මාව දැක්කද? මොකද අගමැති හැටියට මට ඕන ඕන තැන්වලට ඕන ඕන විදියට යන්න බැහැ. ඉතින් ඒ නිසා මට හොර රහසේ යන්න බෑනේ කොහේටවත්. ඉතින් ඒ නිසා මම ගියා කියලා ඔප්පු කරන්න.

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

හිටපු ජනපති රනිල්ට ICU ප්‍රතිකාර තවදුරටත් - අද අධිකරණයට යන්න බැරි වෙන ලකුණු

මම අභියෝග කරනවා මම ගිය බව ඔබතුමන්ලා ඔප්පු කරන්න.එතකොට හරි මේ ප්‍රශ්නේ විසඳෙනවා. එතකොට මම වැරදියි. මම බොරු කියන්නේ. මම බොරු කියනවා කියලා ඔබතුමාලා ඔප්පු කරන්න එතකොට හරි. එතකොට විසඳෙයි.''