විමල් වීරවංශ ගැන අමුතුම හෙළිදරව්වක්...

Mahinda Gotabhaya Rajapaksa Basil Rajapaksa Wimal Weerawansa
By Thaya Feb 11, 2021 02:30 PM GMT
Thaya

Thaya

Report

මහින්ද රාජපක්ෂ නැවත නැගිට්ටම සඳහා විමල් වීරවංශ වැන්නන් කළ කිසිවක් නැතැයි ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයේ සභාපති ආචාර්ය මහින්ද පතිරණ මහතා සඳහන් කරයි. ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීලා වීරවංශ මහතාට වඩා වැඩ කල බව ඒ මහතා කියයි. ඔහු පෙන්වා දෙන්නේ මහින්ද නැවත නැගිටින්නේ මහින්ද බැසිල් ගෝඨාභය තිදෙනා විසින් කළ කාර්යයක් නිසා බවයි. ඔහු මෙසේ සඳහන් කරමින් ඔහු තම සමාජ ජල ගිණුමේ සටහනක් තබා ඇත. විමල් වීරවංශ මහතා ළඟ සිටින විදෙස් ඔත්තුකරුවා වෛද්‍ය වසන්ත බණ්ඩාර බවත් ඔහු තවත් සටහනක සදහන් කර ඇත.


“වැල්වටාරම් අවශ්‍ය නැත. මහින්ද නැවත නැගිටින්නේ මහින්ද බැසිල් ගෝඨාභය යන තිදෙනා විසින් 2005-2015 අතර කාලයේ දී යුද්ධය අවසන් කොට රටේ ආර්ථිකය තිබුණ තැන සිට හතර ගුණයකින් ඔසවා තැබූ නිසා මිස අනෙකක් නිසා නොවේ. විමල් වීරවංශ වැන්නන් එම ව්‍යාපෘතිය තුළ කළ කිසිවක් නැත. එහෙත් එකක් කළේය. ඒ රාජපක්ෂවරුන්ගේ සාර්ථකත්වය හමුවේ ඔවුන්ගේ වේදිකාව වටා රැස්වූ ජනතාව ඉදිරියේ කතා පැවැත්වීමයි. කතා පැවැත්වීම හැර වීරවංශ මහතා විසින් රට වෙනුවෙන් කළ එක ජාතික කාර්යභාරක් නම් කරන්න. කිසිවක් නැත. ඇත්ත තත්වය එයයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඔහුට වඩා ජනතාව වෙනුවෙන් වැඩ කොට ඇත. මහින්ද පරාජයෙන් පසු ද විමල් කළේ ද නැගී එන මහින්ද රැල්ලට කතා කිරීම පමණි. විමල් වීරවංශ විසින් මහින්ද සුළඟ නිර්මාණය කළේ යැයි කියන අයගේ අඥානකම ගැන අපට කළ හැක්කේ සිනාසීම පමණි. ඒ කෙසේ වෙතත්, මොහොතකට සිතන්න වීරවංශ මහතා මහා දේශපාලන චරිතයක් කියා. එසේ නම් ඔහු විසින් කළ යුත්තේ තම පක්ෂයෙන් තනිව ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුට පත්වීමයි. එම අභියෝගය ඔහු විසින් බාර නොගැනීම යනු කවුරු කෙසේ කොහොම කීවද විමල් තම ඇඟිල්ලේ තරම ගැන අවබෝධයෙන් සිටින බවයි.”