ගුටි බැට හුවමාරුවක් වූ අමුතු නීතිඥ සාදය.

Party
By Thaya Apr 04, 2021 03:51 PM GMT
Report

මහනුවර සංචාරක හෝටලයක නීතිඥවරුන්ගේ සහභාගීත්වයෙන් පැවති සාදයක දී ඇතුවූ ගැටුමකින් තුවාල ලැබූ හතර දෙනකු ප්‍රතිකාර සඳහා මහනුවර රෝහලට ඇතුළත් කර තිබෙන බව පොලිසිය සඳහන් කරයි. ගැටුම අද අලුයම 1.00 පමණ සිදුව ඇත. සාදයට එක් වූ නීතිඥයකුගේ ඥාතීන් දෙදෙනකු හා හෝටල් සේවකයන් අතර ඇති වූ බහින්බස් වීමක් ගැටුමක් බවට පත්ව තිබෙන බව සඳහන් ය.ගැටුමින් හෝටල් සේවකයන් දෙදෙනකු ද තුවාල ලබා තිබෙන බව පොලීසිය සඳහන් කරයි. බරපතල තුවාල ලැබූ දෙදෙනකු දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇත. හෝටලයේ උපකරණවලට ද දැඩි ලෙස අලාභහානි සිදුව ඇතැයි වාර්තා වී තිබේ.