එක්වරම සහල් අලෙවි කිරීම නවතා දමයි.

By Wayomi Jan 06, 2025 04:33 AM GMT
Report

සහල් අලෙවි කිරීමෙන් තමන් ඉවත් වන බව කොටගල එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති පුෂ්පා විශ්වනාත් ප්‍රකාශ කරනවා.

ඒ, පාලන මිලට සහල් අලෙවි කිරිමට තමන්ට සහල් තොග නොලැබෙන නිසා සහල් අලෙවි කිරිමට නොහැකි තත්ත්වයක් උද්ගත වීම හේතුවෙන්.

එමෙන්ම තවත් සතියකින් පමණ පසු උදාවන තෛපොංගල් උත්සවය වෙනුවෙන් ද පොංගල් පිළියෙල කර ගැනීමට නොහැකි අයුරින් වෙළෙඳපොළේ සහල් හිඟයක් නිර්මාණයක් වෙමින් පවතින බව පිටකොටුව සහල් තොග වෙළෙඳුන් චෝදනා කරනවා.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

පවතින සහල් හිඟය හමුවේ ආනයනයට අවසර ලබා දුන් අතර, එය මේ මස 10 වැනිදායින් අවසන් වන අතර සහල් ආනයනයට අවසර දුන් දින සිට මේ දක්වා සහල් මෙට්‍රික් ටොන් 88,000ක් නිශ්කාෂණය කර තිබෙනවා.

කෙසේ වෙතත්, පසුගිය උත්සව කාල සීමාවේ මෙන්ම, අද වන විටත් වෙළෙඳපොළේ නිර්මාණය වී ඇති සහල් හිඟය තවදුරටත් එලෙසම පවතින බවයි වෙළදුන් පවසන්නේ. 

ලංකාවට වාහන එවන්න ජපානයේ බැංකු වල පොඩි කේස් එකක්. - වෙලා තියෙන දේ ගැන සභාපති කිවුවේ මෙහෙමයි.

ලංකාවට වාහන එවන්න ජපානයේ බැංකු වල පොඩි කේස් එකක්. - වෙලා තියෙන දේ ගැන සභාපති කිවුවේ මෙහෙමයි.


You May Like This Video