රාජ්‍ය සේවකයින්ගේ වැටුප් රහිත නිවාඩු ගැන විශේෂ දැනුම්දීමක්. - චක්‍රලේඛයට අනුව සිදු වී ඇති දේ මෙන්න.

By Wayomi Jan 05, 2025 09:10 AM GMT
Report

විශ්‍රාම වැටුපට හානියක් නොවන පරිදි රාජ්‍ය නිලධාරීන්ට දේශීය විදේශීය වැටුප් රහිත නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත විශේෂ දැනුම් දීමක් සිදුකර තිබෙනවා.

ඒ, අනුව අදාළ නිවාඩු අනුමත කිරීමේ දී දිස්ත්‍රික් ලේකම්වරුන් විසින් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් එමගින් නිකුත් කර ඇති බව සඳහන්.

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

විදුහල්පතිවරුන්ට හා ගුරුවරුන්ට රුපියල් 25,000ක දීමනාවක්.! - අලුත්ම ආරංචිය මෙන්න. - (VIDEO)

2022 වසරේ ජුනි මස 22 වන දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයට අනුව වැටුප් රහිත නිවාඩු ලබාදීමේ දී සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීම සඳහා එම උපදෙස් මාලාව නිකුත් කර ඇත.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දී ඇත්තේ, ඇතැම් රාජ්‍ය නිලධාරීන් වසර 05ක් සඳහා දේශීය නිවාඩු ලබාගෙන එම නිවාඩු අවලංගු කිරීමකින් තොරව විදේශ නිවාඩු අයදුම් කිරීමේ සිදුවීම් ද වාර්තා වන බැවින් ඒ පිළිබඳව නිවාඩු අනුමත කිරීමට පෙර සලකාබලන ලෙසයි.

එමෙන්ම විදේශ නිවාඩු අයදුම්පත් යොමු කිරීමේ දී නිලධාරීන් විසින් මීට පෙර ලබා ඇති දේශීය හා විදේශීය නිවාඩු පරීක්ෂා කර ආවරණ ලිපිවල ඒ පිළිබඳව පැහැදිලිව සටහන් කළ යුතු බව අමාත්‍යංශය වැඩිදුරටත් දැනුම් දී තිබෙනවා. 

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සැප විඳින හැටි.? - පින්තූර එලියට. - වීඩියෝව සහිතයි. - (VIDEO/PHOTOS)

දුමින්ද සිල්වා බන්ධනාගාර රෝහලේ සැප විඳින හැටි.? - පින්තූර එලියට. - වීඩියෝව සහිතයි. - (VIDEO/PHOTOS)


You May Like This Video