නව යුගයට ගැලපෙන පරිදි විශ්ව විද්‍යාලවලට කරන්න යනදේ ....
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස 2024 අයවැය කතාව පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කිරීම.
? පූර්ණ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් ක්‍රියාත්මක කරනවා.
? නව විශ්ව විද්‍යාල හතරක් පිහිටුවීමට පියවර ගන්නවා. ඉදිරියේදී පළාත් සභා මඟින් ද විශ්වවිද්‍යාල ඇති කිරීමට බලාපොරොත්තු වන බව ජනපති පවසනවා.
? ඊළඟ වසර දෙක තුනේදී විශ්ව විද්‍යාල ගණන දෙගුණයකින් තුන් ගුණයකින් වැඩි කිරීම එහි අරමුණයි.
? රාජ්‍ය විශ්වවිද්‍යාල නව යුගයට ගැලපෙන ලෙස දියුණු කරන අතර එය පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ආරම්භ කරනවා. ඒ සඳහා ලබන වසරේ රුපියල් මිලියන 500ක් වෙන් කරනවා.
? රාජ්‍ය නොවන විශ්වවිද්‍යාල නියාමනය සඳහා බලවත් නීති සම්පාදනය කිරීමෙන් පසු ලංකාවේ එම විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා.
? පොලී රහිත ශිෂ්‍ය ණය ක්‍රමයට අමතරව වාණිජ බැංකු හරහා ණය ක්‍රමයක් යෝජනා කරන අතරම රැකියාවක් ලබා ගත් පසු ඒ ණය ආපසු ගෙවීමට හැකි ලෙස එය සකසනවා.
? ජාතික උසස් අධ්‍යාපන කොමිසමක් ස්ථාපිත කර තීන්දු තීරණ ගැනීමේ හා නියාමන බලතල ඊට ලබා දෙන බවත් ජනපති පැවසුවා.
