මෙරට ප්‍රධාන දිස්ත්‍රික්කයක පාසල් ළමුන් 1000ට Covid..?

COVID19 ANURADHAPURA PARLIAMENT CHAMAL RAJAPAKSHA ROHANA BANDARA
By Sewvandhi Dec 02, 2021 09:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අනුරාධපුරය කොරෝනා රතු කලාපයක් බවට පත්ව ඇති බවත් පාසල් දරුවන් දහසකට වැඩි පිරිසකට කොරෝනා ආසාදනයවී ඇති බවත් සමගි ජන බලවේගයේ අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී අද (2) පැවැසීය.

ගුරුවරුන් සියයකට වැඩි පිරිසක් රෝගීන් බවට පත්ව ඇතැයිද හෙතෙම සඳහන් කළේය. එසේම අනුරාධපුරයේ නගර සහ ගම්මාන ආශ්‍රිතව වෙනදාට වැඩියෙන් කොරෝනා රෝගීන් වාර්තාවෙමින් තිබෙන බව පැවසූ බණ්ඩාර මහතා අනුරාධපුර නගරය ආශ්‍රිතව සිවු දෙනකු කොරෝනා වැළඳීමෙන් ඊයේ දිනයේදී පමණක් මිය ගොස් ඇති බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාට ප්‍රශ්නයක් යොමු කරමිනි.

අනුරාධපුරයේ කොරෝනා පරීක්ෂණ සිදුකිරීම අඩු කර ඇති හෙයින් එම පරීක්ෂණ වැඩි කරන ලෙස ඉල්ලීමක් කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එන්නතට පමණක් සීමාවී වැඩ නොකරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පැවසුවේය. මෙහිදී අදහස් දැක්වූ චමල් රාජපක්ෂ මහතා පැවසුවේ මේ කාරණය අදාල බලධාරීන්ගේ අවධානයට යොමු කරන බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
JOIN NOW