මෙරට කතුන්ට ගැබ් ගැනීම තහනම්ද..? හේමන්ත හේරත්ගෙන් විශේෂ ප්‍රකාශයක්

covid19 pregnancy Hemantha Herath Harsha Athapaththu
By Sewvandhi Sep 10, 2021 10:21 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් වසංගතය පැතිර යමින් පවතින මේ අවස්ථාවේ අවුරුද්දක කාලයකට ගැබ් ගැනීම් පමා කරන ලෙසට ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු කළ ප්‍රකාශය සෞඛ්‍ය අමාත්‍යංශයේ මතය හැටියට අපට ප්‍රකාශ කළ නොහැකි වුවත් ''එතුමා කියූ දේ සාධාරණ බව'' තමාත් සිතනවා යැයි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසයි.

මේ අවස්ථාවේ පවතින දරුණු තත්ත්වය යටතේ ගර්භණී මාතාවන්ට තිබෙන අවදානම සැලකිල්ලට ගෙන හැකියාවක් තිබේ නම්, ගැබ් ගැනීම් ප්‍රමාද කිරීම සැමගේ ම යහපතට හේතුවනු ඇතැයි තමා අදහස් කරන බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම තම තමන් සතුව පවතින බව සඳහන් කරන විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මෙය රජයේ වාසියට කෙරුණු සඳහනක් නොවන බව ද පවසයි.

-----------------------------------------------

යුධ හමුදාපති හදිසියේම සිදු කළ ප්‍රකාෂය-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now