ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරයි..? හේමන්ත හේරත් ගෙන් ඉගියක් (VIDEO)

COVID19 VACCINATION HEMANTHA HERATH GUILD LINES CURFEW
By Sewvandhi Sep 08, 2021 03:49 PM GMT
Sewvandhi

Sewvandhi

Report

13 වන දා නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරනවාද නැද්ද යන්න පිළිබඳව වෛද්‍ය හේමන්ත හේරත් මහතා ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.ඉදිරි සතිය තුළ මෙරට පවත්නා තත්ත්වයත් සමඟ 13 වනදා රට විවෘත කිරීම පිළිබඳ තීරණයක් ගන්නා බව එතුමා සඳහන් කර තිබෙනවා.

තවදුරටත් අදහස් දක්වමින් එතුමා සඳහන් කර ඇත්තේ 13 රට විවෘත කළ ද තමාට හැකි උපරිමයෙන් සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලව කටයුතු කරන ලෙසත් මෙම වසංගත තත්වය මැඩ පවත්වා ගැනීමට තමන් සතු උපරිම උත්සාහය ගන්නා ලෙසත් ඉල්ලා සිටිනවා.එමෙන්ම මෙලෙස රට වසා තැබීම මගින් විශාල පිරිසක් අපහසුතාවයට පත්වන බවත් එතුමා ඇතුළු කමිටුව දන්නා බවත් සදහන් කර තිබෙනවා.

එමෙන්ම දිනකට antigen පරීක්ෂණ කට්ටල 35000 ඉක්මවා නිකුත් කරන බවත් මෙලෙස දිගින් දිගටම පරීක්ෂණ සඳහා මෙම පරීක්ෂණ කට්ටල භාවිතා කිරීමේ දී ඵලදායි නොවන පරීක්ෂණ කට්ටල නැවත භාවිතා කළ හැකි බවත් එතුමා සඳහන් කර තිබෙනවා..

එතුමා දැක්වූ අදහස් පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now