මෙරට භාවිත එන්නතක් පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්.එන්නත භාවිතය නුසුදුසුද..?
සයිනොෆාම් එන්නත මඟින් ඉතා හොඳ ප්‍රතිශක්තියක් ජනනය වන වයස අවුරුදු 20ත් 30ත් අතර කණ්ඩායමට, ෆයිසර් එන්නත ලබාදීම ඉතා අවිධිමත් මෙන්ම විද්‍යාත්මක දත්ත අභිබවා යාමක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.
හම්බන්තොට ප්‍රදේශයේ වයස 20ත් 30ත් අතර පුද්ගලයින් සඳහා ෆයිසර් එන්නත ලබාදීමට යෝජනා කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ ලිපියට ප්‍රතිචාර ලෙස මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය මේ බව සඳහන් කළා.
එන්නත්කරණ ක්‍රියාවලිය පිළිබඳ තීරණ ගන්නන් විසින් ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ වන රෝග පිළිබඳ විශේෂඥ කමිටුව ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඇති ව ඉදිරිපත් කර ඇති උපදෙස් මාලාව පිළිපැදීම අත්‍යවශ්‍ය බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය එමඟින් අවධාරණය කර තිබෙනවා.
දැනුම් සම්භාරයක් ඇති එම කමිටුව මඟින් ලබාදුන් උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නො කිරීම නිසා වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ගේ මරණ සංඛ්‍යාව දැනටමත් වැඩි වී ඇති බවයි එම සංගමය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.
ඊට හේතු වූයේ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත ලබාදීමට ප්‍රමුඛතාව නො දී අවුරුදු 30ත් 60ත් අතර කණ්ඩායමට එන්නත ලබාදීමෙන් අවදානම් පුද්ගලයින්ට එන්නත ලබාදීම ප්‍රමාද වීම බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අදහස යි.
එබැවින් මේ අවස්ථාවේ සිදුකළ යුත්තේ ප්‍රතිශක්තිකරණය අඩු සයිනොෆාම් එන්නත් මාත්‍රා දෙක ලබාගත් පුද්ගලයින්ට තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා හෝ මොඩර්නා එන්නත් ලබාදීම බවයි විශේෂඥ වෛද්‍යවරුන් අදාළ නිවේදනයෙන් පෙන්වා දී ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |