ලබන වසරේ සිට නොමිලේ ලැබෙන දේ මෙන්න..නවතම වැඩපිළිවෙළක්..
රට මුහුණදී සිටින අර්බුදයෙන් ගොඩගැනීමට අලුතින් සිතා අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට සියලුම රාජ්‍ය සේවකයන් සූදානම් විය යුතු බව වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසනවා.
අලුත් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොකළහොත් පාඩු ලබන රාජ්‍ය ආයතන ලාබ ලබන තත්ත්වයට පත්කළ නොහැකි බවද ඔහු සඳහන් කළා. බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි වැවිලි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
තේ,පොල් හා කුරුඳු පැල තවාන් රජයේ ලියාපදිංචි කර එම පැල තවාන්වල හිමිකරුවන්ට මූල්‍යාධාර සහ තාක්ෂණික දැනුම ලබාදෙන වැඩපිළිවෙලක් සකස් කරන බවත් එම මූල්‍යාධාර නැවත අයකර නොගන්නා බවත් ඔහු සඳහන් කළා.
එමෙන්ම තේ නැවත වගාකිරීමට හා අලුතින් තේ වගාකරන සැමටම අපි නොමිලයේ තේ පැල ලබාදෙන බවද ඔහු පැවසුවා. ලබන වසරේදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් පොල් පැල මිලියන 2.3 ක් ජනතාවට ලබාදෙන්න රජය තීරණය කර තිබෙනවා බවද ඔහු සඳහන් කළා.
මේ රටේ පොල් අවශ්‍යතාවය පිරිමසා ගන්න රාජ්‍ය අංශය පමණක් මදි බවත් ඒ හේතුවෙන් පුද්ගලික ව්‍යවසායකයන්ටත් පොල් පැල ලබාදිය යුතු බවත් ඔහු සඳහන් කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |