ශිරන්තිටත් FCID කැඳවීමක් - ඔක්තෝබර් 13දා සිදුවන්නේ කුමක්ද?

By Malith Madushan Oct 06, 2026 03:47 AM GMT
Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මියට ඔක්තෝබර් 13 වැනිදා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනී සිටින ලෙස පොලීසිය දැනුම් දී තිබේ.

විදෙස්ගතව සිටි ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ (05) රාත්‍රියේ මලයාසියාවේ ක්වාලාලාම්පූර් නුවර සිට මලයාසියානු ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට පැමිණියාය. ඇය ගුවන්තොටුපොළෙන් පිටවීම සඳහා විශේෂ අමුත්තන් වෙනුවෙන් වෙන්කර ඇති ගෝල්ඩ් රූට් පහසුකම භාවිත කර තිබේ.

ශිරන්ති රාජපක්ෂ ලංකාවට - ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගනීවි යැයි බියෙන් - කලින්ම ඇප ඉල්ලුමක්

ශිරන්ති රාජපක්ෂ ලංකාවට - ගුවන්තොටුපොළේදීම අත්අඩංගුවට ගනීවි යැයි බියෙන් - කලින්ම ඇප ඉල්ලුමක්

ශිරන්ති රාජපක්ෂ මහත්මිය පසුගිය සැප්තැම්බර් 16 වැනිදා වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබුණි.

ඒ අතරතුර, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිදුකරන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඇයට පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි.

කෙසේවෙතත්, තමන්ව අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ඊයේ මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අපේක්ෂිත ඇප අයදුම්පතක් ද ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව අද රැස්වෙයි - අද සිට ලබන 9 දක්වා

පාර්ලිමේන්තුව අද රැස්වෙයි - අද සිට ලබන 9 දක්වා