රට ගියපු ඔයාට සුබ ආරංචියක් - ආයේ ලංකාවට එන දවසට රජයෙන් ඉඩමක් ජනපතිගෙන් විශේෂ නියෝගයක්

Report

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයට 2026 වසරේ වෙන් කළ අයවැය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සහ 2027 අයවැය යෝජනා පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

එහිදී විදෙස්ගත ශ්‍රමිකයන් සේවා කාලය අවසන් කර නැවත මෙරටට පැමිණීමෙන් අනතුරුව, ඔවුන්ගේ ආයෝජන හා ව්‍යවසායකත්ව අවස්ථා සඳහා ඌණ උපයෝජිත රජයේ ඉඩම් අවශ්‍ය යටිතල පහසුකම් සහ සේවා සමඟ ලබාදීමේ වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.

මේලග්න හිමියන්ට අද දවස විශේෂයි - ඔබේ ජීවිතයේ සියල්ල ක්ෂණයෙන් වෙනස් කරන අද දවසේ බලගතු ලග්න පලාපල

මේලග්න හිමියන්ට අද දවස විශේෂයි - ඔබේ ජීවිතයේ සියල්ල ක්ෂණයෙන් වෙනස් කරන අද දවසේ බලගතු ලග්න පලාපල

වැවිලි ක්ෂේත්‍රය ශක්තිමත් කිරීම සඳහා අදාළ ආයතන ඒකාබද්ධ කිරීමේ කටයුතු කඩිනම් කිරීම, රාජ්‍ය ඉඩම් සම්බන්ධ ගිවිසුම් යාවත්කාලීන කිරීම සහ ඒ සඳහා ශක්තිමත් නීතිමය රාමුවක් සකස් කිරීම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණා.

එමෙන්ම වතු ඉඩම් වටමැනුම් වැඩසටහන, පොල් වගා සංවර්ධන හා රෝග පාලන වැඩසටහන්, කප්රුක අරමුදල, උතුරු පොල් ත්‍රිකෝණ ව්‍යාපෘතිය, කුඩා තේ වතු නැවත වගා කිරීම, තේ ගම්මාන 500 වැඩසටහන මෙන්ම රබර්, කජු, තල් හා කිතුල් සංවර්ධන වැඩසටහන්වල ප්‍රගතිය ද ජනාධිපතිවරයාගේ සමාලෝචනයට ලක්වුණා.

මලෛගම් ජනතාව වෙනුවෙන් ඉදිකෙරෙන නිවාස 10,000 ව්‍යාපෘතිය නියමිත කාලසීමාව තුළ අවසන් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිවරයා, විදේශ ආධාර හා ණය මත ක්‍රියාත්මක ව්‍යාපෘති කාර්යක්ෂමව ක්‍රියාත්මක කර ප්‍රතිපාදන ආපසු යාම වළක්වා ගැනීමට උපදෙස් දුන්නා.

මීට අමතරව දිට්වා ආපදා තත්ත්වයෙන් හානියට පත් තේ, පොල් සහ රබර් වගා නැවත ස්ථාපිත කිරීම සහ තේ ගම්මාන වැඩසටහන ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සමඟ ඒකාබද්ධ කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරුණා. රාජ්‍ය වැවිලි සමාගම් කිහිපයක් පසුගිය වසරට සාපේක්ෂව ලාභදායීත්වය ඉහළ නංවාගෙන තිබීම මෙහිදී ඇගයීමට ලක්වූ අතර, ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ පාඨමාලා විශ්වවිද්‍යාල පද්ධතිය සමඟ ඒකාබද්ධ කිරීමේ හැකියාව සොයා බලන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නා.

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අනුපමේය සේවයක් කළ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් වෙනුවෙන් අනුපමේය සේවයක් කළ හිටපු සභාපති උපාලි ධර්මදාස අභාවප්‍රාප්ත වෙයි

මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා ඇතුළු අමාත්‍යවරුන්, ලේකම්වරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.