IPL සමාරම්භය, මහේලට අමිහිරි ආරම්භයක් වෙයි

IPL
By Thaya Apr 10, 2021 06:50 PM GMT
Thaya

Thaya

Report

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සමාරම්භක තරගයේදී වත්මන් ශූරයින් වන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අමහිර පරාජයක අත්දැකීම විද ගැනීමට ඊයේ රාත්‍රීයේ සිදුවුණා. ඒ, රෝයල් ජැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායමට එරෙහි තරගයේදී කඩුලු දෙකකින් පරාජයට පත් වෙමින්. තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20දී කඩුලු 09ක් දැවී රැස් කර ගත හැකි වුයේ ලකුණු 159ක් පමණයි. දක්ෂ පන්දු යැවීමන නිරත වූ බැංග්ලොර් කණ්ඩායමේ නවක ක්‍රීඩක හර්ෂාල් පටෙල් ලකුණු 27කට කඩුලු 05ක් බිද හෙලුවා. පිලිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල් ජැලෙන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම මෙම ඉලක්කය පසු කර ගියේ කඩුලු 08ක් පමණක් දැවී තිබියදීයි. මෙවරද මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුනුකරු ලෙස කටයුතු කරන්නේ මහේල ජයවර්ධනයි

ReeCha