අහසින් රැගෙන යෑමට තැත් කළ තරු ඉබ්බන්..
Sri Lanka Police
Sri Lanka
By krishani
කටුනායක ගුවන් භාණ්ඩ අපනයන පර්යන්තයේ දී සිදු කළ පරික්ෂාවක දී තරු ඉබ්බන් 206ක් රේගු නිලධාරින් සිය භාරයට ගෙන ඇත.
ඒ ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදු කරන ලද විශේෂ සෝදිසි කිරීමක දී ය.
ඊයේ (11) AK046 දරණ ගුවන් යානයෙන් මැලේසියාවේ ක්වාලාලම්පූර් වෙත මෙම ඉබ්බ්බන්ව රැගෙන යාමට උත්සාහ කර ඇති අතර රෙදි ගෝනි තුළ මෙම සතුන්ව අසුරා එම අසුරන මත වියළි මුහුදු ආහාර යනුවෙන් පෙට්ටි 06ක ඇසුරුම් කර ඇත.
කෙසේවෙතත් මෙම සතුන් නීතිවිරෝධීව රැගෙන යාම තහනම් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව, සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශය මගින් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |