සියලු පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක්...

Report

සියලුම පළාත් පාලන ආයතනවල කාර්ය මණ්ඩල සමාලෝචනයක් ආරම්භ කර තිබේ.

ඒ පිළිබඳ අනාවරණය වී ඇත්තේ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේදීයි.

කාරක සභාව අමාත්‍ය ඒ.එච්.එම්.එච්. අභයරත්න මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා පාර්ලිමේන්තුවේදී රැස්විය.

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි...ලංකාව නියෝජනය කරමින් සිවු දෙනෙකුත්...

9 වන ආසියානු ශීත ඍතු ක්‍රීඩා උළෙල ඇරඹෙයි...ලංකාව නියෝජනය කරමින් සිවු දෙනෙකුත්...

ඊට අදාළ අවසන් වාර්තාව මාර්තු මස 31 දින ලැබීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේදී මෙම උපදේශක කාරක සභාව රැස්වූ අවස්ථාවේදී නිලධාරීන් පෙන්වා දී ඇත්තේ

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින පුරප්පාඩු සම්බන්ධයෙන් ද එහිදී සාකච්ඡා කර තිබේ.

පසුගිය වර්ෂයේ පළාත් පාලන ආයතනවල සේවකයින් 8,435 දෙනෙකු ස්ථිර කර ඇති ඇතැයි ද කාරක සභාවේදී අනාවරණ වී ඇත.

මාස 6ක් වයසැති බිළිදෙකු සිටින තිදරු මවට සැමියා සිදු කල අහස පොළොව නුහුලන අපරාධය...

මාස 6ක් වයසැති බිළිදෙකු සිටින තිදරු මවට සැමියා සිදු කල අහස පොළොව නුහුලන අපරාධය...

එසේම රාජ්‍ය සේවය සම්බන්ධයෙන් අවශ්‍ය වන ප්‍රතිපත්තිමය වෙනස්කම් හදුනාගැනීම සඳහා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව යටතේ සාමාජිකයින් 08 දෙනෙකුගෙන් සමන්විත විශේෂ අනු කමිටුවක් පත් කිරීමට ද කාරක සභාව නිර්දේශ කළා.

මෙම අනුකාරක සභාව මගින් රාජ්‍ය සේවයේ පත් කිරීම්, තරඟ විභාග පැවැත්වීම, විශ්‍රාම යෑම සහ පුරප්පාඩු ඇතුළු රාජ්‍ය සේවයේ අවශ්‍ය අංශ සම්බන්ධයෙන් සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශනයන් සිදු කර, ඊට අදාළ යෝජනා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ලබාදීමට නියමිතයි.

You may like this video