මාස 6ක් වයසැති බිළිදෙකු සිටින තිදරු මවට සැමියා සිදු කල අහස පොළොව නුහුලන අපරාධය...
By Piyumika
වාද්දුව වේරගම ප්රදේශයේ ස්වාමිපුරුෂයෙකු විසින් තම බිරිඳගේ ගෙල කපා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වාද්දුව වේරගම පදිංචිව සිටි ඉෂාර නිශාදිනී සල්ගාදු නම් 29 හැවිරිදි කාන්තාවකි. ඇයට මාස 6ක් සහ අවුරුදු 03ක මෙන්ම අවුරුදු 6ක දරුවන් තිදෙනෙකුද සිටින බවද පොලීසිය පවසයි.
ඝාතනය සම්බන්ධයෙන් 37 හැවිරිදි ඇගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර ඝාතනය සඳහා යොදා ගත් තියුණු ආයුධයද පොලීසිය විසින් සොයාගෙන තිබේ.
ඇති වූ ආරවුලක් මත සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වූ බවද පොලීසිය පැවසීය.
You may like this video