අපොස උසස් පෙළ අයදුම්කරුවන්ට විශේෂ නිවේදනයක්..

By Sithumi Aug 01, 2022 01:43 PM GMT
Sithumi

Sithumi

Report

2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම අද (01) සිට එළඹෙන 19 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ www.onlineeexams.gov.lk/eic වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත්‍ර යොමුකිරීම සිදුකළ යුතුය. 

 එහිදී උසස්පෙළ විභාගය සඳහා අයදුම් කරන රජයේ පාසල් සිසුන් තම පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම (User name) සහ මුරපද (Password) භාවිතයෙන් අයදුම් කිරීම සිදුකළයුතු බව විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි. පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගතව අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතුවේ. 

 පසුව එහි මුද්‍රිත පිටපතක් ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට එය තමන් සතුව තබාගත යුතු බවද විභාග දෙපාර්තමේන්තුව නිකුත්කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව ඇත. අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

Gallery