ශිෂ්‍යත්වය හා උසස් පෙළ විභාගය පවත්වන දිනය ප්‍රකාශයට පත් කෙරේ..දිනය මෙන්න..

education lockdown A/L exam Scholarships Examination departnment
By Sewvandhi Jan 14, 2022 10:51 AM GMT
Sewvandhi

Sewvandhi

Report
100 Shares

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ලබන 22 වනදා පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. එය විභාග මධ්‍යස්ථාන 2943කදී පැවැත්වෙන බවයි විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. 

 එමෙන්ම අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය ලබන පෙබරවාරි මස 7 වනදා සිට මාර්තු මස 5 වනදා දක්වා විභාග මධ්‍යස්ථාන 2438කදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. 

 මෙවර ශිෂ්‍යත්ව විභාගයට අයදුම්කරුවන් 340,507ක් සහභාගී වනවා. ඒ සිංහල මාධ්‍යෙයන් 255,062ක් සහ දෙමළ මාධ්‍යයෙන් 85,445ක් වශයෙන්.

ශිෂ්‍යත්ව විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 496ක් ස්ථාපිත කර තිබෙනවා. මේ අතර උසස් පෙළ විභාගය වෙනුවෙන් මෙවර පෙනී සිටීමට නියමිත අයදුම්කරුවන් සංඛ්‍යාව 345242ක්. ඉන් 279141ක් පාසල් අයදුම්කරුවන් වන අතර පෞද්ගලික අයදුම්කරුවන් 66101ක් වනවා.

එම විභාගය සඳහා සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 316ක් ස්ථාපිත කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව කියාසිටියේ. කොරෝනා වෛරස් ව්‍යාප්තිය හමුවේ පැනවූ සංචරණ සීමා සහ පාසල් වසා තැබීම හමුවේයි 2021 වසරේ පැවැත්වීමට නියමිතව තිබූ මෙම විභාග කල්දමනු ලැබුවේ.

මේ අතර විභාග පැවැත්වෙන කාලසීමාව තුල විභාග මධ්‍යස්ථාන පිහිටුවා ඇති පාසල්වල ඩෙංගු මර්දන ධූමායන කටයුතු සිදු කිරීම සඳහා මේවන විටත් අදාළ බලධාරීන් වෙත දැනුම්දී ඇතැයි විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශයේ මග පෙන්වීම යටතේ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් සම්බන්ධ කර ගනිමින් පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්, කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ අදාළ පාසල්වල විදුහල්පතිවරුන් විසින් මෙම ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ඔවුන් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now