T20 ලෝක කුසලානයට SSC සූදානම්

Report

ඉන්දියාව සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් 2026 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය පැවැත්වීමට නියමිත බැවින්, ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණ 3ක් සූදානම් කෙරෙමින් පවතී.

ඒවා නම්:

  • කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය
  • පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණය
  • කොළඹ SSC ක්‍රීඩාංගණය

මෙම තරගාවලිය සඳහා කොළඹ SSC ක්‍රීඩාංගණය දිවා-රාත්‍රි තරග පැවැත්වීමට සූදානම් කිරීමට නවීකරණ කටයුතු ආරම්භ කර ඇත. ඒ අනුව, විදුලි ආලෝක කුළුණු පද්ධතියක් ස්ථාපිත කිරීමේ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම සංවර්ධනය තුළින් SSC ක්‍රීඩාංගණය ජාත්‍යන්තර මට්ටමේ දිවා-රාත්‍රි T20 තරග පැවැත්වීමට සම්පූර්ණයෙන්ම සූදානම් වනු ඇති බව ක්‍රීඩා බලධාරීන් පවසයි. ශ්‍රී ලංකාවේ T20 ලෝක කුසලාන තරග සඳහා මෙම තුන් ක්‍රීඩාංගණ ප්‍රධාන වේදිකා ලෙස ක්‍රියාත්මක වනු ඇත.

ජාතික වොලිබෝල් තේරීම් කමිටුවට සාමාජිකයන් පත් කෙරේ

ජාතික වොලිබෝල් තේරීම් කමිටුවට සාමාජිකයන් පත් කෙරේ