බීමත්ව සිරීපාදෙ ගිය 18ටේ තරුණිය මාට්ටු වෙයි..

Sri Lanka Police Sri Lanka
By Aruna Dec 19, 2022 01:50 AM GMT
Aruna

Aruna

Report

බීමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණියක් (අවු 18) නල්ලතන්නිය මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර ඇතැයි වාර්තා වනවා.

අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණිය තවත් තරුණයන් දෙදෙනෙකු සමග බිමත්ව මොටර් රථයක් ධාවනය කරමින් ශ්‍රි පාද වන්දනාවේ පැමිණෙන අවස්තාවේදී මස්කෙලිය මවුස්සාකැලේ මංසන්ධියේදි නල්ලතන්නිය පොලිසියට අනුබද්ධ මත්ද්‍රව්‍ය වැටලිම් ඒකකයේ නිලධාරින් විසින් මොටර් රථය නතර කර පරික්ෂා කිරිමේදී තරුණිය බීමත්ව සිටි නිසා කාන්තා පොලිස් නිලධාරින්ගේ සහය ඇතිව සැකපිට අත්අඩංගුවට ගෙන මේ මස (21) දින හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස උපදෙස් ලබාදෙමින් පොලිස් ඇප මත මුදා හැර ඇත.

ශ්‍රි පාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන සහ බීමත්ව රිය ධාවනය කරන රියදුරන් අත්අඩංගුවට ගැනිම සදහා හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශය තුල ස්ථාන කිහිපයකම සහ හැටන් දුම්රිය ස්ථානයේ දිවා රාත්‍රී දෙකේම පොලිස් නිලධාරින් රාජකාරියේ යොදවා ඇත.