සිරිපා කරුණාවට යන සැදැහැවතුන්ට මේ දේ අනිවාර්යය කරයි...

Sri Lanka Religion Sripaa Rathnapura saman dewalaya
By Aruna Dec 01, 2021 03:39 AM GMT
Aruna

Aruna

Report

මෙවර ශ්‍රී පාද වන්දනා සමය සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත් ව සැදැහැවතුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට කටයුතු සැලසුම් කෙරෙන බව ශ්‍රී පාදස්ථානාධිපති, රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක, ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් පවසනවා.

නල්ලතන්නිය ප්‍රදේශයේ ඊයේ පැවති සාකච්ඡාවකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ කියා සිටියේ, කොරෝනා මර්දන එන්නත්කරණ කාඩ්පත රැගෙන ඒමෙන් බාධාවකින් තොර ව ශ්‍රී පාදස්ථානය වෙත පිවිසීමට වන්දනාකරුවන්ට හැකි වනු ඇති බවයි.

ශ්‍රී පාද වන්දනා සමය සෑම වසරක ම උඳුවප් පුර පසළොස්වක පොහෝ දිනෙන් ආරම්භ වී ලබන වසරේ වෙසක් පුර පසළොස්වක පොහෝ දින දක්වා ක්‍රියාත්මක වනවා.

එම කාලය තුළ ජාති ආගම් කුල බේදයකින් තොර ව දෙස් විදෙස් බැතිමතුන් විශාල ලෙස ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන ආකාරය සාමාන්‍යයෙන් සෑ ම වසරක ම දැකගත හැකියි.

කෙසේ වෙතත් කොරෝනා තත්ත්වය හමුවේ පසුගිය වසර 2ක කාලය තුළ සැදැහැවතුන්ට සාමාන්‍ය පරිදි ශ්‍රී පාද වන්දනාවේ පැමිණීමට අවස්ථාව හිමි වුණේ නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now