තවත් ප්‍රධාන රෝහලක සැත්කම් නවතී

Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Apr 19, 2023 04:22 PM GMT
Sewvandhi

Sewvandhi

Report

රට තුළ පවතින වෛද්‍ය හිඟය රෝහල් ගණනාවකට මේ වන විට බලපෑම් එල්ලකරමින් තිබෙනවා ඊට තවත් උදාහරණයක් වූ සිදුවීමක් අපට වාර්තා වන්නේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් මහ රෝහලෙන් වන අතර රත්නපුරයෙන් පමණක් නොව හම්බන්තොට, මාතර සහ මොනරාගල ආදී දිස්ත්‍රික්කවල ජනතාවත් මෙම රෝහල වෙත පැමිණෙන නිසා මෙය ඉතා කාර්යබහුල රෝහලක්.

නමුත් රෝගීන්ට හදිසි ප්‍රතිකාර සිදුකිරීම සහ ශල්‍යකර්ම සිදුකිරීම මේ වන විට රෝහලට දැඩි ගැටලුවක් වී තිබෙනවා ඒ, රෝහලේ සිටි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරු දෙදෙනාම රැකියා සඳහා විදෙස්ගත වීම හේතුවෙන් වන අතර ඔවුන් දෙදෙනා වෙනුවට තාවකාලිකව වෛද්‍යවරියක් අනුයුක්ත කෙරුණ ද ඇයත් විදෙස් පුහුණුවක් සඳහා මේ වනවිට පිටව ගොස් සිටිනවා.

කිසිඳු නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරයෙක් රෝහලේ නොමැති නිසා සති දෙකකට අධික කාලයක සිට මෙහි බරපතළ ශල්‍යකර්ම සිදු නොකෙරෙන බවට වාර්තා වනවා මින් රෝගීන් ලක්ව ඇත්තේ දැඩි අපහසුතාවකටයි මෙම තත්ත්වය තුළ ශල්‍යකර්ම හා දැඩි සත්කාර ප්‍රතිකාර සඳහා රෝහල්ගත වූ රෝගීන් වෙනත් රෝහල් වෙත මාරු කර යැවීමට රෝහල් අධ්‍යක්ෂවරයාට සිදුව තිබෙනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now