ලෝක සාගිනි දර්ෂකයේ ශ්‍රී ලංකාවට හිමිවූ තැන

economy Srilamka. internatianal
By Sithumi Oct 15, 2021 02:23 PM GMT
Sithumi

Sithumi

Report

මෙම වසරට අදාළව නිකුත් කර ඇති ගෝලීය සාගිනි දර්ශකයේ ශ්‍රී ලංකාව 65 වන ස්ථානයට පත්ව ඇත. වාර්ෂිකව නිකුත් කෙරෙන එම දර්ශකයෙහි මෙවර රටවල් 116ක් ඇතුළත් කර ඇතැයි වාර්තා වේ. 

 මන්දපෝෂණය, ළමා මරණ, ළමුන්ගේ උසට සරිලන අඩු බර යනාදී කරුණු සැලකිල්ලට ගනිමින් සකස් කෙරෙන දර්ශකයේ අඩුම ලකුණු ප්‍රමාණයක් ලබාගන්නා රටවල් සාගිනි අඩුම රටවල් අතරට අයත් වේ. ඒ අනුව මෙවර ලකුණු 16ක් ලබාගත් ශ්‍රී ලංකාව මධ්‍යස්ථ මට්ටමක පසුවන බව එම දර්ශකයෙන් පෙන්වා දී ඇති අතර පසුගිය වසරේ ශ්‍රී ලංකාව පැවතියේ මෙම දර්ශකයේ 64 වැනි ස්ථානයේය. 

චීනය, බ්‍රසීලය, කුවේට්, කියුබාව, තුර්කිය ඇතුළු රටවල් 18ක්, ලකුණු 5ට අඩුවෙන්ලබාගනිමින් මෙවර දර්ශකයේ සාගිනි අඩුම රටවල් ලෙස පළමු ස්ථානයට පත්ව තිබේ. ශ්‍රී ලංකාවට සාපේක්ෂව දකුණු ආසියාවේ සෙසු රටවල් සාගිනි දර්ශකයේ ඉහළ ස්ථානවල පසුවන අතර ඉන්දියාව අවදානම් මට්ටමේ පවතින රටවල් අතරට එක්වෙමින් මෙවර දර්ශකයේ 101 වන ස්ථානයට පත්ව තිබේ. 

ඉන්දියාව ගිය වසරේ පැවතියේ මෙම දර්ශකයේ 94 වැනි ස්ථානයේය. සාගිනි දර්ශකයේ වැඩිම ලකුණු ලබාගනිමින් සාගිනි වැඩිම රටවල් බවට පත්ව ඇත්තේ බුරුන්ඩි, කොමරෝස්, දකුණු සුඩානය, සිරියාව සහ සෝමාලියාව යන රටවල්ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 

Join Now