ඉන්ධන ලබා ගැනීමට ගිය දෙදෙනෙකු හදිසියේ මිය ගිය පුවත මෙන්න..

By Sithumi Apr 10, 2022 02:37 PM GMT
Sithumi

Sithumi

Report

දංකොටුවේ සහ වෙන්නප්පුවේ ඉන්ධන පිරවුම්හල් දෙකක් අසල ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයන් හේතුවෙන් මියගොස් තිබෙනවා

. වෙන්නප්පුව - තඹලවිල ප්‍රදේශයේදී මෙලෙස එක් පුද්ගලයෙකු මියගොස් තිබුණේ ඉන්ධන ලබා ගැනීමෙන් අනතුරුව මෝටර් රථය තුළ දීමයි. අද උදෑසන මෙලෙස ජීවිතක්ෂයට පත්වුණේ කොච්චිකඩේ ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි පුද්ගලයෙක්. 

 එමෙන්ම, දංකොටුව නගරයේ ඉන්ධන පිරවුම්හලක පෝලිමක රැදී සිටි පුද්ගලයෙකු ඇද වැටී ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් ද වාර්තා වනවා.

ඊයේ රාත්‍රී 7ට පමණ ඩීසල් ලබා ගැනීමට පැමිණ සිටියදී මෙලෙස ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලීසිය සදහන් කළේ. මිය ගොස් ඇත්තේ පන්නල - ගෝනවිල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතයි. මේ අතර, ඉන්ධන සහ ගෑස් ලබා ගැනීම සදහා ජනතාව තවමත් පෝලිම්වල රැදී සිටිනු දක්නට ලැබෙන බවයි අප වාර්තාකරුවන් සදහන් කළේ.