මේ ගොවීන්ට රක්ෂණාවරණක් - අක්කරේකට රුපියල් ලක්‍ෂ තුනක්
අද(23) දින පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා පසුගිය නියඟයත් සමඟ කෙසෙල් වගාවන් විශාල ලෙස විනාශ වී ගොස් ඇති බව සඳහන් කළ අතර ඒ හේතුවෙන් මේ වන විට කෙසෙල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව අවධාරණය කර සිටියා.
එබැවින් ඒ සඳහා ලබා දෙන සහන පිළිබඳව සහ කෙසෙල් රසායනික ද්‍රවය යොදා ඉදවීමේ ගැටලුවට ගෙන ඇති වැඩපිළිවෙළ සම්බන්ධයෙන් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් ප්‍රශ්න කර සිටියා.
" කෙසෙල් ගැන ඉදවන්නේ රසායනික ද්‍රවයක් යොදලා. එතකොට කෙසේ ගැන දවස් තුනෙන් හතකින් පරවෙලා යනවා. ඒකෙන් 50% ක් විතරම කෙසෙල් අස්වැන්න පාරිභෝගිකයාට ලබාගන්න බැරි වෙනවා. මේකටත් යම් වැඩ පිළිවෙළක් හදන්න."
කෙසෙල් කිලෝවක් රු 500ට එහා අනිවාර්යයෙන් යනවා.. මෙහෙම ගියොත් කෙසෙල් කාලත් ඉවරයි - පාරිභෝගිකයන්ට ලොකු ප්‍රශ්නයක්
ඊට පිළිතුරු ලෙස නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළේ,
"විශේෂයෙන්ම නියඟෙත් එක්ක පෑවිල්ලත් එක්ක සියලු වගාවන්ට ඒ බලපෑම වෙනවා. ඉතින් කෙසෙල් වගාවන්ටත් ඒක අඩු වැඩි වශයෙන් බලපානවා විශේෂයෙන්ම වලව කලාපය ගත්තොත් එහෙම කෙසෙල් වගා කරන ගොවියා ගොඩක් වෙලාවට වාරි ජලයත් එක්ක තමයි කෙසෙල් වගා කරන්නේ. ගොඩක් කුඹුරුවල වගා කරනවා ගොඩ ඉඩම් වල වගා කරන ගොවීන්ට වාරිමාර්ග හරහා වතුර ලබා දෙන ක්‍රමවේදයක් තිබෙනවා. හැබැයි ඒක හැම තැනම නැහැ. ඒ ගොවීන්ට මේ ගැටලුව තියෙනවා. ඉතින් ඒකේදි කෙසෙල් කැන කුඩා වෙන්න බර අඩුවෙන බලපෑමක් තියනව නැත්තෙ නෑ. ඒක අපේ පිළිගන්නවා ඒ ගැන වෙනම අවධානයක් යොමු කරන්න ඕනේ. කෙසෙල් රිදවන්න රසායනික ද්‍රව්‍ය පාවිච්චි කරන එක කාලෙක ඉඳන්ම වෙන දෙයක්. ඒ පිළිබඳව දැන් අපේ අවධානය යොමු වෙලා ඒක වැළැක්වීම සඳහා ඊට අදාළ දැනුම සහ ඒ පිළිබඳ අවබෝධය ලබා දීලා ඊට අදාළ ක්‍රියාවලීන්වලින් ඉවත් කිරීම සඳහා මේ වනවිට වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා." යනුවෙන්.
ඊට අමතරව නියෝජ්‍ය අමාත්‍යවරයා කෙසෙල් වගාව සඳහා ලබා දෙන රක්ෂණාවරනය සම්බන්ධයෙන් ද දැනුවත් කළා.
ඒ, "කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෙසෙල් වගාව සඳහා රක්ෂණාවරණය ලබා දෙනු ලබන අතර රක්ෂිත මුදල අක්කර එකක් සඳහා රුපියල් ලක්‍ෂ තුනකි. මෙම රක්ෂිත මුදල වගා කරනු ලබන කෙසෙල් වර්ගය අනුව වෙනස් විය හැකි අතර අක්කරයක් සඳහා කෙසෙල් වගාකරුට වියදම් වන වගා පිරිවැය ආවරණය වන පරිදි රක්ෂනාවරණය ලබා ගත හැ. මේ සඳහා ගොවි මහතා ගෙවිය යුතු වාරික මුදල වනුයේ රක්ෂිත මුදලින් 7%ක් ප්‍රමාණයකි. කෘෂිකාර්මික හා ගොවිජනරක්ෂණ මණ්ඩලීය දිස්ත්‍රික් කාර්යාල තිහක් හරහා ඕනෑම කෙසෙල් වගාවක් සිදු කරනු ලබන ගොවි මහතෙකුට මෙම රක්ෂණ යෝජනා ක්‍රමය සඳහා දායක විය හැකියි. මීට අමතරව දිට්වා සුළි කුණාටු අවස්ථාවේ සිදුවූ හානි ආවරණයේදී කෙසෙල් වගා හානි වෙනුවෙන් ද කෘෂිකාර්මික දෙපාර්තමේන්තුව මඟින් ගෙවීම් සිදු කර ඇත "