කෙසෙල් කිලෝවක් රු 500ට එහා අනිවාර්යයෙන් යනවා.. මෙහෙම ගියොත් කෙසෙල් කාලත් ඉවරයි - පාරිභෝගිකයන්ට ලොකු ප්‍රශ්නයක්
අද(23) දින පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රී බී. ආරියවංශ මහතා පසුගිය නියඟයත් සමඟ කෙසෙල් වගාවන් විශාල ලෙස විනාශ වී ගොස් ඇති බව සඳහන් කළ අතර ඒ හේතුවෙන් මේ වන විට කෙසෙල් මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව අවධාරණය කර සිටියා.
ඒ අනුව මේ සඳහා සහන ලබා නොදුන්නොත් කෙසෙල් කිලෝවක මිල රුපියල් 500 ට එහා යාම නොවැළැක්විය හැකි බවට අනතුරු අඟවා සිටියා.
ඒ අනුව ඔහු වැඩිදුරටත් කියා සිටියේ,
" විශේෂයෙන්ම පුවාලු කෝලිකුට්ටු කියන්නෙ මේ වෙනකොට ඒ කෙසෙල් වගාව සඳහා දිලීර ලෙඩක් හැදෙනවා. වගාව විශාල වශයෙන් විනාශ වෙලා යනවා ඒ වගේම ඒ වගාවන් සඳහා පොහොර සහනාධාරයක් ගෙවනවා කිව්වා. ඒ වුණාට ඒ කුඹුරු ඉඩම් සඳහා තමා ඒ සහනාධාරය ලබා දීලා තියෙන්නේ. සෑම ගොවි සංවිධානයකටම ඒත් පොහොර සහනාධාරය ලැබිල නෑ. ගොඩබිම වගා කරන ගොවියාට මේ වෙනකල් පොහොර සහනාධාරයක් ලබා දීලා නෑ..පහුගිය නියං සමයේ විශාල වශයෙන් කෙසෙල් වගා විනාශ වෙලා ගියා ඒ නිසා 75%න් විතර අස්වැන්න අඩු වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ඒ ගොවියාට සහනයක් ලබා දෙන්න ඕනෙ. මොකද දැන් මාස් කන්නය එනකොට වහිනවා. පැළ සිටවලා නැවත වගා කරන්න ඕනේ මොකද නැත්නම් කෙසෙල් කිලෝවක් රුපියල් 500ට එහා අනිවාර්යයෙන් යනවා. ඒ ගියොත් පාරිභෝගිකයාටත් ප්‍රශ්නයක් වෙනවා. ඒ වගේම තමයි කෙසෙල් ගැන ඉදවන්නේ රසායනික ද්‍රවයක් යොදලා. එතකොට කෙසේ ගැන දවස් තුනෙන් හතකින් පරවෙලා යනවා. ඒකෙන් 50% ක් විතරම කෙසෙල් අස්වැන්න පාරිභෝගිකයාට ලබාගන්න බැරි වෙනවා. මේකටත් යම් වැඩ පිළිවෙළක් හදන්න."