ලගදීම ආණ්ඩුව පෙරලෙයි?.. විමල් කළ කතාව..

By Sithumi Mar 24, 2022 02:38 PM GMT
Sithumi

Sithumi

Report

ආණ්ඩුවේ බහුතරය ඉදිරියේදී අහිමි කිරීමට කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා. ඒ හවුල්කාර පක්ෂ එකොලහේ නියෝජිතයින් අද (24) අස්ගිරි - මල්වතු මහ නාහිමිවරුන් බැහැ දැකීමට පැමිණි අවස්ථාවේදීයි.

අද පෙරවරුවේ හවුල්කාර පක්ෂ නියෝජනය කරන පිරිස් පළමුවෙන්ම දළඳා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනාහිමියන් සහ එම පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමියන් බැහැදුටුවා. එහිදී පාර්ලිමේන්තුවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල කියා සිටියේ තවත් මන්ත්‍රීවරුන් 12 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත් වුවහොත් ආණ්ඩුවට බහුතරය අහිමි වන බවයි.

ඉන් අනතුරුව, හවුල්කාර පක්ෂ නියෝජිතයින් අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහ නාහිමියන් සහ එම පාර්ශ්වයේ කාරක සංඝ සභික පූජ්‍ය මුරුන්දෙනියේ ධම්මානන්ද හිමියන් ද බැහැදුටුවා.

එහිදී “මුළු රටම හරි මඟට” ජාතික වැඩපිලිවෙල මහ නාහිමිවරුන් වෙත ඉදිරිපත් කෙරුණා. මෙම අවස්ථාවට ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදීවාමාංශික පෙරමුණේ නායක, අමාත්‍ය වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සහ ශ්‍රී ලංකා කොමියුනිට්ස් පක්ෂයේ වැඩබලන සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ ඇතුළු පිරිසක් එක්ව සිටියා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now