ශ්‍රී ලංකාවේ උද්දමනය 45%කින් ඉහළට.. කීර්තිමත් අර්ථශාස්ත්‍රයකු සිදුකළ හෙලිදරව්ව
srilanka
Economy
economist
By Sithumi
ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ කීර්තිමත් අර්ථ ශාස්ත්‍රඥයෙක් වන ස්ටීව් හෑන්ක් පවසන්නේ මෙම වසරේ පළමු කාර්තුව තුළ දී ශ්‍රී ලංකාවේ උද්ධමනය 49%කින් ඉහළ ගොස් ඇති බවයි.
ඔහුගේ නිල ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් ඔහු පවසන්නේ 2021 වසරේ දෙසැම්බර් මස පැවති 12% ක් වූ උද්ධමනය හා සැසඳීමේ දී මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවයි. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ඉන්ධන මිල සහ පහල යන ඩොලර් සංචිතය හේතුවෙන් මෙම තත්ත්වය තවත් උග්‍ර කර ඇති බවයි ඔහු සඳහන් කරන්නේ.
මේ තත්ත්වයෙන් ගොඩ ඒම සඳහා ශ්‍රී ලංකා රජය අනුගමනය කළ යුතු හොඳම ක්‍රියා පිළිවෙත වන්නේ මුදල් මණ්ඩලයක් පත්කර එයට බලය ලබාදීම බවයි ආර්ථික විද්‍යාඥ ස්ටීව් හෑන්ක් යෝජනා කරන්නේ.