ගමේ ගිය අයට කොළඹ එන්න ලංගම බස් 2100 ක්

By Sithumi Apr 15, 2022 12:18 PM GMT
Sithumi

Sithumi

Report

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා ලංකා ගමනාගමන මණ්ඩලය (ලංගම) අන්තර් පලාත් බස් රථ 2100 ක් පමණ ධාවනයේ යෙදවීමට සූදානමින් සිටින බවත් ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පැවසීය.

නැවත කොළඹට එන ජනතාව වෙනුවෙන් හෙට (16) සිට බස්රථ ධාවනය ක්‍රියාත්මක කරන බවත් එම බස් රථ ධාවනය කිරීම සඳහා ලංකා ගමනා ගමන මණ්ඩලය සතුව ඉන්ධන ප්‍රමාණවත්ව ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

ලංකා ගමනාගමන මණ්ඩලය සාමාන්‍යයෙන් අන්තර් පලාත් බස් රථ 1500 ක් පමණ ධාවනය කරන බවත් එම බස් රථ වලට අමතරව මෙම විශේෂ අවස්ථාවේදී අවශ්‍යතාවය අනුව අතිරේක බස්රථ 600 ක් ද ධාවනයට සූදානම් කර ඇති බවත් රණවක මහතා කීය.