සල්ලි කාබාසිනියා කරන ශ්‍රී ලංකන් ගුවන් සේවයට වෙන්න යන දේ මෙන්න.
SriLankan Airlines
Nimal Siripala De Silva
By Wayomi
ශ්‍රී ලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකන් කේටරින් ආයතනය සහ භූමි සේවා සැපයුම් අංශය (Ground handling) යන අංශයන්හි පරිපාලනය සම්බන්ධයෙන් ළඟදීම අවසන් තීරණයක් ගන්නා බව වරාය සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පවසනවා.
එම ආයතන ප්‍රතිව්‍යුහගතකරණය සඳහා මහා භාණ්ඩාගාරයේ කමිටුවක් මඟ පෙන්වන බවත්, කැබිනට් මණ්ඩලය ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය ගනු ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කරන්නේ.
ඔහු පෙන්වා දෙන්නේ විශාල මුදල් කන්දරාවක් කාබාසිනියා කරන ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හැරෙන්නට වෙනත් කිසිම විකල්පයක් නොමැති බවයි.
මේ වන විට ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමෙරිකානු ඩොලර් කෝටි සියයකට වැඩි මුදලක් ණයවී ඇති අතර ගුවන් සේවය සතු සියලු යානා බද්දට ගත් ඒවා බවයි ඔහු පවසන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |