මත් පෙති ජාවාරමේ ගිය කාන්තාවකට අන්තිමට සිදුවූ දේ..

CID - Sri Lanka Police Police spokesman Sri Lanka Drugs
By Sithumi Jul 01, 2023 05:53 PM GMT
Sithumi

Sithumi

Report

   දිගු කලෙක පටන් මත්පෙති ජාවාරමේ යෙදුණු කාන්තාවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු යාපනය ඌරෙලු, අම්මාන් කෝවිළ අසලදී පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ අත්අඩංගුවට ගෙන තිබෙනවා විශේෂ කාර්ය බලකාය යාපනය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට විශේෂ කාර්ය බලකාය වාකරේ යාපනය කඳවුරේ නිළදාරීන් විසින් වන දින කෝපායි පොලිස් වසමේ ඌරෙලු, අම්මාන් කෝවිළ අසල දී වැටලීමක් සිදුකරඇත්තේ.

එහි දී මත්පෙති 940 ක් සන්තකයේ තබාගෙන යතුරු පැදියකින් ප්‍රවහනය කරමින් සිටි ඌරෙලු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24 ක පුද්ගලයන් දෙදෙනෙකු සහ  මත්පෙති 10 ක සමඟ ඌරෙලු ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 47 ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කෝපායි පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.