මගුල් ගෙදරක යකා නැටූ පිරිසකට සිදු වූ දේ..
පානදුර කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයක් අතරතුර එහි දේපලවලට හානිකර පුද්ගලයන් හයදෙනකුට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් හිරණ පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල පුද්ගලයන් දස දෙනකු ලබන 20 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස පානදුර වැඩබලන මහේස්ත්‍රාත් ජයන්ති පීරිස් මහත්මිය අද (17) පස්වරුවේ නියෝග කලාය.
මහනුවර සහ කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචි වීරසිංහ මොහන්දිරම්ගේ අවුශාන්ත පෙරේරා , උඩදෙනිය ගෙදර සුරංග කැළුම් උඩදෙනිය ,වීරසිංහ මොහන්දිරම්ගේ දිලක්ෂ දීපාල් පෙරේරා , චින්තක රුවන් බාලසූරිය , හිරුන අංජන ලකී තිසේරා , උඩදෙනිය ගෙදර ප්‍රසාද් ගුණතිලක,මෙරිඤ්ඤලාගේ ඉන්දික ප්‍රදීප් මුණසිංහ , මල්වත්තගේ රොෂාන් අසංක පෙරේරා , දුක්ගන්නාරළලාගේ සුරේෂ් අයිවන් අබේරත්න සහ දේවතාපේඩිගේ ජගත් රොහාන් නැමැති අයවළුන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගතකෙරුණි.
පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ සුපිරි හෝටලයක පැවතී විවාහ මංගල උත්සවයකට සහභාගි වෙමින් සිට අනවසරයෙන් එහි පිහිනුම් තඨාකයට බැස දියනෑම සම්බන්ධයෙන් හෝටල් කළමණාකාරීත්වය සමග අතිවූ ආරවුලකදී හය දෙනකුට පහරදී තුවාල සිදුකර ඇති බවත්, ඔවුන් පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබන බවත් සැරයන් සමන්ලාල් එදිරිසිංහ අධිකරණය හමුවේ කියාසිටියේය.